
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කුරුන්දි රජමහා විහාරය පවතින පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රදේශයට අයත් නොවන ඉඩම්වලින් අක්කර 3ක භුමි ප්‍රමාණයක් බෞද්ධ විහාරස්ථානයක් හා හින්දු කෝවිලක් ඉදිකිරීමට මෙන්ම පොදු පහසුකම් සඳහා වෙන් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට සහ මාධ්‍ය,තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කළේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ කුරුන්දි රජමහා විහාරය බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස පැහැදිලිවම හඳුනාගෙන ඇති බවයි.
එබැවින් මෙම භුමිය පුරාවිද්‍යාත්මක ලෙස සෑම ශ්‍රී ලාංකිකයකුටම අයිති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර උතුරේ හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කුරුන්දි රජමහ විහාරය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුවලට විසඳුම් ලෙස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යෝජනා කිහිපයක් ආංශික අධීක්ෂණ කාරක සභාවට මෙහිදී ඉදිරිපත් කළේය.
ආගමික කටයුතු සහ සහජීවනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ද මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්ද පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය.
මෙහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවේ පසුගිය 2013 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රය අනුව කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට අක්කර 229 ක් අයත්වන බවයි.
ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ හඳුනාගත් ස්මාරක පදනම් කරගනිමින් මෙම භුමි ප්‍රමාණය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කළ බවත් මෙම කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රදේශය තව දුරටත් තහවුරු කරගැනීම සඳහා විද්වත් පර්යේෂණ කණ්ඩායමක් ගවේෂණ කටයුතු සඳහා සුදානමින් පවසුවන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.
එම ගවේෂණ කටයුතු මාස හයක් තුළ සිදු කිරීමට ද සැලසුම් කර ඇති බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරිය එමගින් පුරාවිද්‍යා වටිනාකමින් යුතු දෑ හඳුනාගෙන ඒ ප්‍රදේශ පුරාවිද්‍යා රක්ෂිත ලෙස නම් කිරීමටත්, පුරාවිද්‍යා වටිනාකමක් නොමැති ප්‍රදේශ නිදහස් කිරීමටත් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළාය.
එමෙන්ම කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත ප්‍රදේශය කතරගම පූජා භුමිය මුලික කරගත් ආකෘතියට ගොඩ නැගිය යුතු බව කමිටු සාමාජිකයෝ පැවසුහ.
කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කළ පුද්ගලයන්ට අහිමිවන ඉඩම් වෙනත් ප්‍රදේශයකින් ලබාදීමටද අවශ්‍ය කටයුතු සම්පාදනය වන බව අමාත්‍යාංශ ප්‍රධානීහු පැවසූහ.
කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු සාකච්ජා කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීහු පිරිසක් එම කමිටු හමුවට කැඳවනු ලැබූහ.
මේ සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ජයන්ත කැටගොඩ, එම්.රමේෂ්වරන්, සංජිව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ද කාරක සභා සභාපතිවරුන්ගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අචාර්ය සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, චාල්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරුන්ද ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පන්සල් ,පල්ලි කෝවිල් හදන්න යෝජනාවක් ? මොඩයිනේ දැන් ඇති ඔය මගුල් හැදිල්ල !!! රටේ මිනිස්සුන්ට එක එක පාට කන්නාඩි දාලා බලන්න පුරුදු කරපු කාලය දැන්වත් නවත්වන්න.ඔය එකකින්වත් මේ රටට යහපතක් වෙලා නැහැ.සිදුවෙලා තියෙන්නේ ජාතින් අතර කුලල්කාගැනීම පමණයි.
ඔක්කොමලා හොඳයි හැබැයි සරත් වීරසේකර කියන්නේ රට බංකොලොත් කරපු ගෝටාභයාගේ අත කොලුවෙක්
දැන් බෙෳද්ධයන්ට ලංකාවේ තියෙන කෝවිල්වල පැත්තකින් පන්සල් හදාගන්නත් ඉඩදෙනවද? අනේ හැබෑට මෙහෙමත් එක එකාට කප්පම් දෙන රටක්.
01. බුද්ධ ශාසන අමාත්‍යංශ කමිටුව වෙතින් ගෙන ඇති යෝජනව වැදගත් තිරණය කි. 02 , අදාල ස්ථාණයේ වාරි ඇල මාර්ගයට වම් පස සියළු ඉඩම් රජය සතු ඉඩමකි. එම කොටස් රක්ෂිතයට අයත් වුවත් කිප දෙනකු එක්ව අක්කර 05 ට වැඩි ප්‍රමාණයක් අස්සද්ධා ඇත. 03. එම කිප දෙනාට වෙනත් පස්ථාණයන් වෙත වි ගොවිතැන් කටයුතු සදහා රජය වෙතින් ඉඩම් ලබාදි ඇද්ද යන්න කමිටුව වෙතින් නරික්ෂණය කල යුතු වේ. 04.. ඔවුන් අනවසරයෙන් අස්සද්දන ලද ඉඩම් මැදින් කුරුන්දු විහාරයේ ගැටළු පැවතිමට පෙර සියළු පාක්ෂ්වය සාකච්චාකර පුරා වි්‍යා නිළධාරින් සමග එක්ව පුරා විද්‍යා මායිම් ලකුණු කොට මායිම් ගල් යොදා ඇත. 05. නැවත එම මායිම් ගල් එම ස්ථාණයේ ඇති කුරුදු විහාරයට ගමන්කරන ලද අතුරු ප්‍රධාණ මාර්යෙන් විහාරයට හැරෙන ස්ථාණයේ සිට වම් පස පටන් ගන්න ස්ථාණයේ වංගුව සිට වාරි ඇල මාර්ගයේ වම් පස සිට එය රක්ෂිතය ලෙස නම් කල යුතුය.
ශ්රී ලන්කා වේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය නිට්ටාවට සුව කිරීමට .74% ක් සිංහල භාශාව කතා කරන ජනතාව පදිංචි කිරීමට පියවර ගන්න .18% ක් සිංහල හා දෙමළ ජනතාව පදිංචි කිරීමට පියවර ගන්න . උතුරු නැගෙනහිර දේශිය නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කිරීමට පියවර ගන්න .කෘෂිකර්මාන්ත කිරීමට හැකියාවක් ඇති පුද්ගලයන් ට අවශ්‍ය පරිදි ඉඩම් ජලය උපකරණ උපදෙස් පොහොර ගබඩා නොමිලේ රජයෙන් දීමට පියවර ගන්න .
ජ්‍යාත්තන්තර ව්ශ්වව්ද්‍යලය ජ්‍යාත්තන්තර තාක්ෂණික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට පියවර ගන්න .ජාත්‍යන්තර විශ්වවිද්‍යාල එම ව්දේශීය රාජ්‍ය ආයතන වලින් ආරම්භ කිරීමට පියවර ගන්න .ශ්‍රී ලන්කා රජයෙන් සියලු යට්තල පහසුකම් ලබා දීමට පියවර ගන්න .ශ්‍රී ලන්කා වේ පර්චස් 60 ට අඩු පුද්ගලික ඉඩම් දීර්ඝකාලීන බදු හෝ කුළිය ට ව්දේශීය රට වල ට දීමට පියවර ගන්න .ජාත්‍යන්තර ම්ළ ඉදිරිපත් කර ඇත . කොළඹ ආර්තික කලාපයේ සෑදීම ට පියවර ගන්න .
එහෙම දෙනවානම් ඒ සමානුපාතිකව ඉන්න හැම ජන ෙකොටසකටම ඉඩම් දෙන්න යෝජනා කරන්න.. නැත්තං ජයශ්‍රීමහා බෝධිය ලගත් මුං වකා කරන්න ගනි. කොහොමත් දැන් ඉන්න ජනාධිපති ගෙ කොන්ද පණ නැති නිසා මෙවට හා කියල යෝජනා කරපු උන්ට උසස්වීමුත් දෙනවා. පිරිමිකමක් නැති ජනාධිපතිලා ඉන්නකොට ඔහොමයි.
ජයසිරිමා බෝධියත් පූජා කරලා මේ අයට ගෙවල් හදා ගන්ට දෙන්න... කොන්දක් නැති නායකයෝ ඉන්න රටවල් වලට වෙන හෙනේ සහ සිංහලයෝ තවදුරටත් ඉවසිය යුතුද? ජාතියේ මුර දේවතාවා වී8 එකට හැප්පිලා ද? වහාම සිංහලයන් උතුරේ පදිංචි කරනු...