
Update 4.50 p.m
(ඉන්දිකා රාමනායක සහ අමදෝරු අමරජීව)
කින්නියා කුරිඤ්ඤන්කේනි කළපුවේ පාළම් පාරුවක් පෙළී පාසල් සිසුන් ඇතුලු හය දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 20 දෙනෙකුට තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා නගර සභාවේ සභාපතිවරයා ලබන 09 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් අබ්දුල් පයාත් රසාක් මහතා අද සවස නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ අබ්දුල් හමීඩ් හලීම් නමැති නගර සභාපතිවරයාය
මෙම අනාරක්ෂිත පාළම් පාරුව කලපුවා හරහා යාත්‍රාකිරීමට අවසර ලබා දීම ඇතුලු කරුණු කිහිපයක් මත සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
( ඉන්දිකා රාමනායක)
කින්නියා කුරිඤ්ඤන්කේනි කළපුවේ පාළම් පාරුවක් පෙළී පාසල් සිසුන් ඇතුලු හය දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 20 දෙනෙකුට තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා නගර සභාවේ සභාපතිවරයා කින්නියා පොලිසිය විසින් අද (25) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම අනාරක්ෂිත පාළම් පාරුව කලපුවා හරහා යාත්‍රාකිරීමට අවසර ලබා දීම ඇතුලු කරුණු කිහිපයක් මත සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද පෙරවරුවේ නගරාධිපතිවරයා කින්නියා පොලිසිය වෙත කඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සභාපතිවරයා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
681
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කින්නියා නගර සභාපති රිමාන්ඩ්
sharm warn Thursday, 25 November 2021 04:30 PM
අනේ පව් අහිංසකයා.
sharm warn Friday, 26 November 2021 10:05 AM
නූතන කැකිල්ලේ නාඩගම.