(ඉන්දිකා රාමනායක)

කින්නියා කුරිඤ්ඤන්කේනි කලපුවේ පාසල් සිසුන් ආරක්ෂිතව  ප්‍රවාහනය කිරීම සදහා අද (25) සිට නාවික හමුදා මගී ප්‍රවාහන යාත්‍රාවක්  යොදවා ඇති බව නාවික හමුදාව පවසයි.

නැගෙනහිර නාවික විධානය යටතේ  ක්‍රියාත්මක  මෙම මගී ප්‍රවාහන යාත්‍රාවේ   ළමුන් 25 දෙනෙකුට එකවර  ගමන් කළ හැකි ආසන 25 කින් සමන්විත බවත්,   එහි පස් දෙනෙකුගෙන් සමන්විත   කාර්ය මණ්ඩලයක් හා ජීවිත අරක්ෂක කණ්ඩායමක්  අනුයුක්ත කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

පෙරවරු 7.00, 11.00 , 1.45 යන  කාල යන් තුළ මෙම   යාත්‍රාව  ධාවනය  වන බවද නාවික හමුදා  මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

කින්නියා කුරිඤ්ඤන්කේනි කලපුවේ   පාළම් පාරුවක්   ඉකුත් (23) පෙරළීමෙන්    පාසල් සිසුන් සිව්දෙනකු ඇතුලු 6 දෙනෙක් මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලැබුහ.