IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෑම කන්ටේනර් 115 ක් අවුරුදු දෙකක් වරායේ හිරවෙලා

(සුජිත් හේවාජුලිගේ )

ආයතන කිහිපයකින් අනුමැතීන් (නිර්දේශ) ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් කෝටි 74 කට වැඩි වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 115ක් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුවට වසර දෙකකට වැඩි කාලයක් ගතවීමෙන් එම ද්‍රව්‍ය විනාශවීමේ අවදානමක් පැවතුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙසේ ප්‍රමාදවී ඇතැයි පැවසෙන්නේ එම භාණ්ඩ නිදහස් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය සහ සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ යුතු වාර්තාවන්ය.

ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් විසි හතක් නිදහස් කිරීමට දින 563 ක කාලයක්ද ආහාර ද්‍රව්‍ය ඇතුළත් තවත් බහාලුම් 27 නිදහස් කිරීමට වසර දෙකකට ආසන්න කාලයක් ගතවී තිබිණැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම ආහාර ද්‍රව්‍ය බහාලුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව 2021 වර්ෂය ජනවාරි මාසයේ සිට 2022 වර්ෂයේ අගෝස්තු මාසය දක්වා විමර්ශන කරගෙන ගියේය.

මේ අතර ආනයන අපනයන පාලක ජනරාල්වරයාගේ අනුමැතිය නොලැබීම හේතුවෙන් රුපියල් කෝටි 15 කට වැඩි වටිනා කහ කිලෝ 624,877ක් ශ්‍රී ලංකා රේගුව විසින් වසර දෙකකට වැඩි කාලයක් අවශ්‍ය නීතිමය කටයුතු නොකර රඳවා ගනු ලැබ තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

මෙම කහ තොගය ආනයනය කර තිබුණේ 2020 වසරේ මැයි මස 10 වැනිදාය.

 



අදහස් (3)

කෑම කන්ටේනර් 115 ක් අවුරුදු දෙකක් වරායේ හිරවෙලා

පැරකුම් Wednesday, 27 September 2023 10:43 PM

කාගේ නොසැලකිල්ල වුනත් අන්තිමට අපිට තමයි කර ගහන්න වෙන්නෙ. වැරදි කාරයො නිදැල්ලෙ ඉන්නව.

:       0       3

මොට්ටපාල Thursday, 28 September 2023 06:32 AM

ඉස්සර නීතියක් තිබුනා ලිපියක් ලැබුනාම දින තුනක් ඇතුළත එය කරන්න බැරිනම් ලැබුණු බව වත් දන්වන්න කියලා. එහෙමත් බැරිනම් දින හතක් තුල කරන්න කියලා .මේ නීතිය ප්‍රේමදාස ජනාධිපතිතුමා තදින්ම ක්‍රියාත්මක කලා. ඇත්තටම දැන් කාලයේ අවුරුදු දෙකක් ගිහිල්ලා වත් කටයුතු කරන්නෙ නැහැ කියන්නෙ රටේ සම්පත් විශාල වශයෙන්ම නාස්ති වෙනවා කියලා තමයි .රට අගාධයට යාමට මෙවැනි ක්‍රියාවන් ප්‍රභලම හේතුවක් වෙනවා. මේවා ගැන බලන්න යම් ආයතනයක් ස්ථාපිත කලොත් හොදයි කියලා හිතෙනවා

:       0       2

කිරිපුකා Thursday, 28 September 2023 09:30 AM

අකාර්යක්ෂමතාවය , පගාව , කොමිස් ගැනීම , හොරකම , වංචාව , දුර්වල පරිපාලනය , පණනැති දේශපාලනය , මේ සියල්ල එකතු වී බොහෝ දේ රටට අහිමි වෙනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site