IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කැළණි ගඟ දෙපස වාර්තා නැති කර්මාන්තශාලා 4000 ක්

(ඩයනා උදයංගනී)

කැළණි ගඟ දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්ත ශාලා 4000ක් පමණ ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 

කඩුවෙල සිට පෑලියගොඩ පාළම දක්වා ගඟ දෙපස  කර්මාන්ත ශාලා 7000ක් පමණ පිහිටා ඇති බවත් ඉන් පරිසර වාර්තා ලබා ගෙන ඉදිකර ඇත්තේ කර්මාන්ත ශාලා 3000ක් පමණ ප්‍රමාණයක් පමණක්  බවත් පරිසරවේදීන් තමාට පෙන්වා දී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ නගරයට ජලය සපයන ප්‍රධාන ජල මුලාශ්‍රය වන කැළණි ගඟ දෙපස ඇති පරිසර වාර්තා ලබා නොගත් මෙම කර්මාන්ත ශාලා පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් සිදුකර තමන්ට වාර්තාවක් ලබාදෙන්නැයි ඇමැතිවරයා මධ්‍යම පරිසර අධිකාරියට දැනුම්දීමක් ද කර තිබේ.

එමෙන්ම පරිසර සංරක්ෂණය උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් හා අමාත්‍යාංශ 16ක ලේකම්වරුන්ගේ සාමාජිකත්වය යටතේ පරිසර ආරක්ෂණ බළකායක් පිහිටුවීමට කටයුතු යොදා  ඇතැයි ද ඇමැතිවරයා කීය.

 



අදහස් (0)

කැළණි ගඟ දෙපස වාර්තා නැති කර්මාන්තශාලා 4000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site