
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ පයාගල ඉඳුරුවගොඩ අංක 33 බී, හි පදිංචි ලියනගේ චාමිකා රුවනි ලියනග නමැති (48) හැවිරිදි අවිවාහක කාන්තාවක බව පොලිසිය කියයි .
කොළඹ අලුත් කඩේ මහාධිකරණයේ වැඩසටහන් සහකාරි අධිකරණ ලෙස රැකියාවේ නිරත මෙම කාන්තාව කැස්බෑව පොල්හයන භික්ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස ඊයේ (13) දා පෙරවරුවෙ සිට රාජකාරී ආරම්භ කර තිබේ.
ඒ සදහා මරණකාරිය සමග තවත් කාන්තා නිලධාරින් 15 පමණ රාජකාරීයේ යෙදී සිට ඇති අතර කිසිදු සිවිල් නිලධාරියකු රැඳී සිට නොමැත.
ඇය රාත්‍රී 7.40 පමණ භික්‍ෂුණී ආරාමයේ කාමරයක රැඳී සිටියදී හදිසියේ හෘදයාබාධයකට ලක්ව තිබේ. එහිදී රැඳී සිටි පොලිස් නිලධාරින් ක්ෂණිකව ප්‍රතිකාර සඳහා ඇය පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇත. මෙම සිද්ධියෙන් ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරී කටයුතුවලට කිසිදු බාධාවක් සිදුව නොමැති බව පොලිසිය කියයි.
.
2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින්
Indrani wijesinghe Thursday, 14 November 2024 12:37 PM
ඇයට උතුම් නිර්වාණ සුවයම ලැබේවා... මරණයට දිනයක් තැනක් වේලාවක් නොමැති බව මිනිස්සුන්ට පෙන්වන්න හොඳ අවස්ථාවක්..!