
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පැවසිය.
මරණයට පත්ව ඇත්තේ ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයෙ පදිංචි 25 හැවිරිදි අවිවාහකයකු වන මහමුදන්නායක මුදියන්සේලාගේ සජීත් තිවංක නොහොත් (ජයසුන්දර ) නැමති අයකු බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වු තරුණයාගේ මවගේ බාල සොහොයුරු , ප්‍රදේශයෙ නීති විරෝධී කසිප්පු ජාවාරමට සම්බන්ධ අයෙකු බව කියන සැකකරුවකු හා ඔහුගේ බිරිද බව කියයි.
අත් අඩංගුවට ගෙන ඇති කසිප්පු ජාවාරම්කරුගෙ වෙළද සැල ඉදිරිපිටදී පවත්වාගෙන ගිය කැට පොළක ඇතිවු ආරවුලක් බහින් බස් විමකින් පසු මාමා එල්ල කළ පොලු පහරකින් එම ස්ථානයෙදීම ඥාති පුතා මරණයට පත්ව ඇති බව මූලික විමර්ශන වලදි තහවුරු වි ඇති බව පොලිසිය කියයි.

2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැටපොලේ ආරවුල මරණයෙන් අවසන් වෙයි
vernon Monday, 21 April 2025 11:21 AM
අවුරුද්ද වෙනුවෙන් කියලා කැට ගහනවා අරක මේක කියලා එක එක සූදු වලට ඉඩ දෙන්නෙ ඇයි? මෙතන කසිප්පු ජාවාරමට සම්බන්ධ කතාව මිනීමැරුම වුනාම හොයාගත්තා වෙන්න බෑනේ. ඇයි කලින් අල්ල ගත්තේ නැත්තේ?