
(කුෂාන් ජයවර්ධන)
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
ලද තොරතුරක් අනුව කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සිදුකළ සොදිසියකදී අදාළ මළසිරුර සොයා ගෙන තිබේ.
ගිණි ඇවිලීමෙන් අදාළ කාන්තා මළ සිරුර බොහෝ දෙයින් දැවී පිලිස්සී තිබේ.
මිය ගොස් ඇත්තේ කැකිරාව මැදවැව ප්‍රෙද්ශයේ පදිංචිව සිටි 40 වැනි වියෙහි පසුවූ තිදරු මවක් බවට පොලිසිය හඳුනාගෙන තිබේ. මිය ගිය එම කාන්තාව අනුරාධපුර ප්‍රදේශයේ රජයේ රෝහලක රෝහල් කාර්ය මණ්ඩල සේවිකාවක වන බවට ද පොලිසිය සිදුකළ විමර්ශණවලදී අනාවරණය වී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දවසකට එක්කෙනෙක් මැරෙනවද? කෝ අර ටියුෂන් කාරයින්...?
හේතුව අනියම් සම්බන්ධකමක් නොවුනොත් තමයි පුදුම වෙන්න ඕන.අද කාන්තාවන් මුදලට වත් පොහොසත්කම් වලට වනචර කමට මත්ද්‍රව්‍ය වලට ගොබ්බ කමට ලොල් වෙලා ඇබ්බැහි වෙලා පිරිහිලා පිරිමින්ට සමානව.ඵ් නිසා හැම වෙලාවෙම පිරිමියාට වරද පටවන්න හදන ඵක වහාම නතර කිරීමට කාලය පැමිණ ඇත.
පිළිස්සුනු මළසිරුරු හම්බවුණු එක්තරා කාලයක් මතක් වෙනවා. ඒ කාලෙත් මේ කල්ලිය ආණ්ඩු බලය ගන්න හැදුවා, අහම්බයක්ද ඒ...?