IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාරය ඉස්සූ මූල්‍ය සමාගමේ සියල්ලෝම අධිකරණයට

(ආනන්ද ඉ ජයකොඩි)

මාසයකට පෙර මීරිගම නගරාසන්නයේ දී කාරයක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බව කියන මූල්‍ය සමාගමක සියළු දෙනාත් එම කාරයත්, එහි තිබූ සියලු දේපලත් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා මීරිගම පොලීසියට නියෝග කළේය.

ගම්පහ බැණ්ඩියමුල්ල පදිංචි සුනිල් සිසිර කුමාර නැමැත්තකුට අයත් කාරයක් 2023 අප්‍රේල් නව වැනි දා මීරිගම නගරාසන්නයේ දිවුලපිටිය මාර්ගයේ දී පිරිසක්  බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් තිබිණ.

මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව මීරිගම පොලීසිය මූලික පරීක්ෂණ පැවැත්වීමේ දී හිඟ වාරික මුදල් නොගෙවීම හේතුවෙන් කාරය පැහැරගෙන ගොස් ඇති බවත් එම කාරය තුළ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් හා චෙක් පොත් පහක්ද තිබී ඇති බවද හෙළි වී තිබිණ.

මේ පිළිබඳව මීරිගම පොලීසිය පෙර දිනයක අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී වාර්තාවක්  යළි කැඳවූ අවස්ථාවේ මීරිගම පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ ජී ඇස් පී සුබසිංහ මහතා කරුණු දක්වමින් කාරය පැහැරගෙන යාම පිළිබඳව කරන ලද පරීක්ෂණවලදී කාරයට ගෙවිය යුතු හිඟ වාරික මුදල් නොගෙවීම හේතුවෙන් කොළඹ 10 ප්‍රදේශයේ පවත්වා ගෙන යන මූල්‍ය සමාගමක පිරිසක් එය පැහැර ගෙන ගොස් ඇති බව කියා සිටියේය.

මේ අනුව එහි කළමණාකාරවරයාට කාරයත් රැගෙන පොලීසියට එන ලෙස දන්වා තිබුණත් ඔහු මේ දක්වා නොපැමිණි බව ද පොලිස් පරීක්ෂකවරයා කීය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් පොලීසියට එන්න කියන්න අවශ්‍යතාවයක් නැහැ පැහැදිලිවම අපරාධයක් වහාම කාරය පැහැරගෙන ගිය පුද්ගලයන් හා එයට උපදෙස් දුන් සියලු දෙනාම තරාතිරම නොබලා අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස  මීරිගම පොලීසියට නියෝග කළේය.

 



අදහස් (0)

කාරය ඉස්සූ මූල්‍ය සමාගමේ සියල්ලෝම අධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site