IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කාන් සිනමා උළෙලේ කලාත්මක චිත්‍රපට අතරට ’බඹරු ඇවිත්’

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

ලෝකයේ ප්‍රධාන සිනමා සම්මාන උළෙලක් වන කාන් අන්තර්ජාතික සිනමා උළෙලට සමගාමීව තිරගතකෙරෙන කලාත්මක චිත්‍රපට මාලාව අතරට ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජගේ 'බඹරු ඇවිත්'(The Wasps Are Here) චිත්‍රපටයද ඇතුළත් කර තිබේ.

ඇමෙරිකාව, ප්‍රංශය, රුසියාව, තායිලන්තය, චීනය, හංගේරියාව, පිලිපීනය, පෝලන්තය ඇතුළු ලෝකයේ විවිධ රටවල සිනමාපට 25ක් අතරට මෙම සිනමාපටයද තේරී ඇති බව එම සිනමා උළෙලෙහි නිල වෙබ් අඩවියේ දැක්වේ.

ඔක්තෝම්බර් 10 සිට 18 දක්වා කාලය තුළ ප්‍රංශයේ පැවැත්වෙන කාන් සිනමා උළෙහිදී මෙම කලාත්මක චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ. මෙම උළෙළේදී තිරගත කෙරෙනුයේ 4K තාක්ෂණය ඔස්සේ නවීන ප්‍රතිසංස්කරණය කළ සිනමාපටයක් ලෙසිනි.

ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළ බඹරු ඇවිත් චිත්‍රපටය ලංකාවේ තිරගත වූයේ 1978 අගෝස්තු 11 වැනිදාය.

මේ සඳහා විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විමල් කුමාර ද කොස්තා, අමරිසිරි කලංසූරිය, ඩබ්ලිව්. ජයසිරි, සිරිල් වික්‍රමගේ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වූහ.

1979දී ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපය, අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙම සිනමාපටය සම්මානයෙන් පිදුම්ලැබීය. 1978 මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද්දේද බඹරු ඇවිත් සිනමාපටයයි.

'උදුම්බරා හිනැහෙනවා', 'හඳුනාගත්තොත් ඔබ මා' වැනි ගීත බඹරු ඇවිත් සිනමාපටයේ ජනප්‍රිය ගීත වේ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මීට සංගීතයෙන් දායක වී ඇත.



අදහස් (5)

කාන් සිනමා උළෙලේ කලාත්මක චිත්‍රපට අතරට ’බඹරු ඇවිත්’

siri Friday, 17 July 2020 11:15 AM

ඉතාම වැදගත් පිළිගැනීමක්... ජයවේවා..!!! 

:       0       165

විජිත් Friday, 17 July 2020 11:34 AM

ඒ කාලේ මගේ සිනමා වීරයන් වූයේ.. ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, නිහාල්සිංහ වැනි රැඩිකල් අදහස් දැරූ අධ්‍යක්ෂවරු. නළු නිළියන් අතරිනුත්. සිරිල් වික්‍රමගේ, විජය කුමාරණතුංග, විමල් කුමාර ද කොස්තා, අමරසිරි කලන්සූරිය... ස්වර්ණා මල්ලවආරච්චි,.. වගේ අය. අදත් ඒ කිව්ව අයගේ රංග ප්‍රභාවට අභියෝග කරන්න හැකි අය බිහිවුණා නම් බිහිවී ඇත්තේ අතළොස්සක් පමණි. " බඹරු ඇවිත් " ගැන සුබ ආරංචියක් ආවත් ....ඒ සුබ ආරංචිය අහන්න වැඩියෙන්ම ආසාවෙන් හිටියා යැයි උපකල්පනය කරන්න පුළුවන් " පති " කාලය විසින් අද අපෙන් උදුරාගෙන ගිහින්. අද පති නැහැ.

:       0       210

Prabha Friday, 17 July 2020 01:56 PM

කී වතාවක් බලන්න ඇද්ද? කොච්චර බැලුවත් එපා නොවන අමරණීය නිර්මාණ ...

:       0       147

ලුම්බිණි Friday, 17 July 2020 02:15 PM

ආදරණීය පතී, අද ඔබ නැති වුණත් ඔබ සදාකල් ජීවත්වීමට කළ දේවල් අපරමිතයි. මෙම පුවත මගේ දෑසට කඳුලක් එකතු කළා. ලෝකයම ඔබේ වටිනාකම දන්නවා. ඔබට සදාකාලික සැප.. !!!

:       0       75

chappa Saturday, 18 July 2020 01:34 AM

සිංහල සංගීතයේ සංධිස්ථාන... මෙහි මියුරු ගීත...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28875 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18209 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11251 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 692 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site