(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කළු ගඟේ පාවී ආ මුවෙකු අද (19) තෙබුවන වයි හන්දියේ කඩ වීදිය ප්‍රදේශයේදී තරුණයන් පිරිසක් එක්ව ගොඩගත්තද ඒ වන විටත් මුවා මයගොස් සිට ඇතැයි තෙබුවන පොලිසිය කියයි.
නාර්තුපාන දෙස සිට කළුතර දෙසට කළු ගඟේ ජල පහරට හසුව මුවෙකු ගසාගෙන යන අයුරු තෙබුවන,පහලගම කඩවීදිය ප්‍රදේශය රැඳී සිටි තරුණයින් දැක වහා ක්‍රියාත්මක මුවා බේරා ගැනීමට ඔරුවක් ආධාරයෙන් කළු ගඟේ මුවා සිටි ආසන්නයට යන අවස්ථාවේ මුවා දියේ ගිලී මියගොස් ඇත.
පසුව එම පුද්ගලයින් විසින් මියගිය මුවා ගොඩට රැගෙන පැමිණ ඒ බව තෙබුවන පොලිස් ස්ථානයට දැන්වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.
අඟුරුවාතොට, තෙබුවන ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ අවට ප්‍රදේශ තුල මුවන් ජීවත් නොවන බවද කියයි.
මියගිය මුවා පිළිබඳව හික්කඩුව වනජීවි ඒකකය දැනුවත් කිරීමෙන් අනතුරුව එහි නියාමක චින්තක දිමුතු කුමාර මහතාගේ උපදෙස් පරිදි මුවා වල දැමීමට කටයුතු කර ඇත
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළු ගඟේ පාවී ඇවිත් ගොඩට ගත් මුවා මිය යයි