IMG-LOGO

‘‘කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස්‘‘ අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදි වූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීරණය වන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා විවෘත කරනු ලැබීය.

සුඛෝපභෝගීබව හා දේශීය නිර්මාණකරනය එක් තැන්කළ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වන මෙම නවතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය ශ්‍රී ලංකාවේ අභිලාෂය, නිර්මාණශීලීත්වය හා ගෝලීය දැක්ම මනාව විදහා දක්වන්නක් විය.

මෙම අභිමානවත් සමාරම්භය සමග එක්වෙමින් ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසා සිටියේ සිටි ඔෆ් ඩ්‍රීම්ස් ආරම්භය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථාවක් බවයි. ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු කරන ලද විශාලතම පුද්ගලික ආයෝජනයද මෙය වන බව ඔහු පැවැසුවේය.

මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට මෙන්ම ලෝකය තුළ ශ්‍රී ලංකාවේ නම තවදුරටත් විශිෂ්ටත්වයට පත් කිරීමට හේතු වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

ඒ වගේම අනාගත පරම්පරාවන්ට ප්‍රයෝජන වන දිගු කාලීන ධනාත්මක වෙනසක් නිර්මාණය කරන නවීන හා ඉදිරි දැක්මක් සහිත ගමනාන්තයක් ලෙසද සිටි ඔෆ් ඩ්‍රීම්ස් පෙන්වා දිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

‘‘කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස්‘‘ අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site