IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කොළඹ වරාය ස්වාභාවික මරන්න සූදානමක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන මෙරට ආර්ථිකයේ හදවත බදු කොළඹ වරායට ස්වාභාවික මරණයක් අත්කරදීමට කටයුතු කරමින් සිටින බවත් ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත්ව සිටින්නේ දැයි සැකයක් ඇති බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමාල් සුමනරත්න මහතා අද (5) පැවසීය.

වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන දුර්වලතා සහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කොළඹදී අද (5) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ශ්‍යාමාල් සුමනරත්න මහතා එසේ කීය.  

වර්තමාන ආණ්ඩුව යටතේ වරාය අධිකාරියේ පරිපාලනයක් නොමැතිව අයාලේ යන තත්වයක් උද්ගතවී ඇති බව කී සුමනරත්න මහතා මෙම තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා වරාය විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපි 6 ක් යොමු කළ ද අවම වශයෙන් ලිපි ලැබුණ බවට හෝ කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු බව ද සඳහන් කළේය.

කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්ථයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්‍ෂවරයා එම තනතුරෙන් ඉවත්කිරීමට අමාත්‍යවරයා පසුගියදා ගත් තීරණය අගය කරන බවත් වරාය සහ නාවික කටයුතු පිළිබඳව හසල දැනුමත් තිබූ වරාය අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක් ඉවත්වීම පිළිබඳව ද අමාත්‍යවරයා අවදානය යොමුකළ යුතු බවත් ඒ මහතා කීය.

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වෘත්තීය සමිතිය වරායේ එකම වෘත්තීය සමිතිය නොවන්නේ යැයි වරාය අමාත්‍ය බිමල් රත්නායක මහතා මතකයේ තබාගත යුතු බව කී සුමනරත්න මහතා ඩොලර් බිලියනයක් වැයකර ඉදිකළ නැගෙනහිර පර්යන්තය රැකගැනීමට දිවිහිමියෙන් කටයුතු කරන්නේ යැයි පාලකයන්ට මතක් කරන බව ද සඳහන් කළේය.  

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ පරිපාලනය කොළඹ වරාය නැගෙනහිර බහලු පර්යන්තය මෙම මස 30 වැනිදා වන විට විවෘත කළ හැකි යැයි ජනාධිපති අනුර කුමාර මහතා රවටා ඇති බවත් එම පර්යන්ථය තවත් වසර එකහමාරකින්වත් විවෘත කළ නොහැකි බවත් ශ්‍යාමාල් සුමනරත්න මහතා කීය.

වරාය සේවකයන් දිවිහිමියෙන් රැකගත් නැගෙනහිර බහලු පර්යන්තයේ ඉදිකිරීම් නියමිත පරිදි ක්‍රියාත්මක කළේ නම් ලබන සැප්තැම්බර් මස වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ බව කී සුමනරත්න මහතා පැවසුවේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පත්කළ වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ පරිපාලනයේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙම තත්වය උදාවූ බවයි.

විජිත හේරත් මහතා වරාය ඇමතිවරයා ලෙස පත්කළ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා පරිපාලනය නිලධාරීන් මාරු කිරීම සහ ටෙන්ඩර් අවලංගු කිරීම ආදි පර්යන්තයේ ඉදිකිරීම් අඩපණ කිරීමට කළ කටයුතු හේතුවෙන් නැගෙනහිර පර්යන්ථය කටයුතු ආරම්භ කිරීමට තවත් වසර කීපයක් ගතවනු ඇති බවත් එසේ වුවහොත් නැව් සමාගම් කොළඹ වරාය අතහැර දැමීම වැලැක්විය නොහැකි බවත් ඒ මහතා කීය.

නැගෙනහිර බහලුම් පර්යන්ථයේ බහලුම් ක්‍රියාකාරකම් සඳහා අනිවාර්යෙන් තිබිය යුතු උපකරණ වන ‘ස්ට්‍රැඩල් කැරියර්’ මිලදීගැනීමට කැඳවා තිබූ ටෙන්ඩරය වර්තමාන පරිපාලනය පත්වීමෙන් පසුව අවලංගු කළ ද මේ දක්වා එම ටෙන්ඩරය කැඳවීමට හෝ කටයුතු කර නොමැති බව කී සුමනරත්න මහතා එම උපකරණය හිටිහැටිය ඇනවුම්කළ නොහැකි එකක් වීම නිසා එය ලබාගැනීමට අවම වශයෙන් දින 200 ක් ගතවනු ඇති බවත්ය.

නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිගණක පද්ධතිය, ප්‍රවාහන උපාංග, පුහුණු සේවකයන් බඳවා ගැනීම ඇතුළු බොහෝ දේ ඉටුකර නොමැති අතර කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වෙනස් කළේ යැයි කියන එම පර්යන්ථයේ මාර්ගයේ කටයුතු වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා පත්කළ කමිටුවක නිර්දේශයක් මත මේ වන විට නැවතී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව රජය බලයට ගෙන ඒමට ආණ්ඩුවට සහය දැක්වූ වෘත්තීය සමිතිය වරාය සේවකයන්ට බලාපොරොත්තු රැසක් දුන්න ද එම එකම පොරොන්දුවක් හෝ ඉටුකිරීමට ඔවුන් අපොහොසත්ව ඇති බවත් වරාය අධිකාරියේ පරිපාලනයට එරෙහිව හඩනඟන වෘත්තිය සමිති නායකයන් විවිධ ක්‍රමවලින් මර්ධනය කිරීමට සූදානම් වුවද ඒවා සාර්ථක නොවන බවත් ඒ මහතා කීය.

ජාතික සේවක සංගමයේ සභාපති තුෂාරි ප්‍රියංකා, නිදහස් සේවක සංගමයේ සභාපති ඉන්දික සමරවික්‍රම සහ එක්සත් සේවක සංගමයේ සභාපති ඩික්සන් ගෝමස් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.



අදහස් (9)

කොළඹ වරාය ස්වාභාවික මරන්න සූදානමක්

PGPTHILAK Thursday, 05 June 2025 06:18 PM

වරාය විතරක් නෙමේ රටම කන්නේ වෘත්තීය සමිති මාෆියාව සහ දූෂිත නිලධාරීන් බව හැමෝම දන්නවානේ! වෘත්තීය සමිති මාෆියාව හරහා බලයට එන කිසිම ආණ්ඩුවකට මේ රට අඟලක් වත් ඉදිරියට ගෙනයාමට නොහැකියි...!

:       0       4

මාලිමාගැත්තා Thursday, 05 June 2025 07:11 PM

වෘත්තීය සමිති කියන අය ගැන නම් ඒ තරම් විශ්වාසයක් නැත. ඔවුන් හැමදාම කළේ වැඩ වැරීම් මිසක් වැඩ කිරීමට පරිසරය සැකසීම නොවේ. කෙසේ නමුදු දැන් රටම දැඩි සේ මාලිමාකරණය වෙමින් පවතී. එය ඉතා දරුණු ඛේදවාචකයක දුමාරයක් වග තදින්ම මාලිමා ගැත්තෙක් වන මට හැඟී යන බැවින් මා ඉන්නේ තද චූන් එකකය. කිමදයත් බොරුව වැපුරූ කල ඵලදාව ලෙස ලැබෙන්නේද බොරුවම බැවිනි.

:       27       21

නිකංපාThursday, 05 June 2025 09:00 PM

ඔතන ඔක්කොම නියෝජනය කරන්නේ මිනිස්සු එලවපු හොරුන්ගේ සමිති ටික. කලින් කාපුව නැතිකොට අමාරු ඇති.

:       0       1

බේරේ ගඳ නෑරේ Thursday, 05 June 2025 09:20 PM

හොරකම වැපුරුවාම ලැබෙන දේ කියන්න ලැජ්ජයි වගේ...

:       0       0

උපතින්ම බයියෙක් Friday, 06 June 2025 07:40 AM

මාලිමාගැත්තාට... වෘත්තීය සමිති ගැන විස්වාසයක් නෑලු...:) මාලිමාගැත්තා රනිල්ගේ වහලෙක්. අනිවාර්යෙන්ම ලොල්ලෙක්...

:       3       1

රුවන් Friday, 06 June 2025 07:54 AM

ඔතන ඉන්න අයගේ වත්කම් බැලුවම හොයා ගන්න පුළුවන් වරායෙන් පගාව ගහන සෙට් එක.

:       2       4

Asaranayaa Friday, 06 June 2025 09:22 AM

බොණිකාර තරු. අමාත්‍යතුමාව හමුවෙන්න සැබෑ උවමනාවක් තිබුණානම්, ඕන තරම් ක්‍රම තියනවා . තමන්ට වාසියක් බලාපොරොත්තුවෙන් ඉඳලා ඒක හරි ගියේ නැති නිසා මෙහෙම කියනවාද දන්නේ නැහැ .වෘර්තිය සමිතියේ අය ගැන ජනතාව තුල එච්චර ලොකු පැහැදීමක් නම් නැති බව කියන්න ඕන

:       1       7

Rata Perata Friday, 06 June 2025 11:37 AM

මේ බොරු සංදර්ශන වලට චූන් වෙන බයියෝ දැන් අඩුයි. ඔහොම කරගෙන යන්න. නැතිනම් පැවැත්මක් නැහැ... ඉස්සර දහස් ගණන් සේවකයෝ දාගෙන පිස්සු නටනකොට මොවුන් කොහෙද දන්නේ නැහැ හිටියේ...

:       1       1

තෙනුර Saturday, 07 June 2025 12:23 AM

ඉස්සර ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා කෑ ගහපු කට්ටිය දැන් ඉන්දියාව ඉස්සරහා දණින් නැමිලා ඉන්න‍වා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2303 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site