
(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ වාරය පර්යන්තයේ ගොඩ ගැසී ඇති බහාලුම් නිදහස් කර ගැනීමේදී මතුව ඇති අර්බුදකාරී තත්වය හමුවේ රටේ ආර්ථිකයට වාරයේ තදබදය හේතුවෙන් එල්ල වන බලපෑම අවම කිරීමට මෙරට ප්‍රධාන වෙළෙඳ, සමුද්‍රීය, සැපයුම් සංගම් සහ වාණිජ මණ්ඩල ඒකාබද්ධව ක්‍රියාකාරී සැලසුමක් යෝජනා කර ඇත.
ගොඩ ගැසී ඇති බහාලුම් ක්‍රමවත්ව නිදහස් කිරීම සඳහා ස්කෑනිං සහ පිරික්සුම් පද්ධති සති දෙකක් තුළ ඉක්මණින් කාර්යක්ෂමව ක්‍රියාත්මක විය යුතු බව ඒකාබද්ධ යෝජනාවලියේ දැක්වේ. ස්කෑනිං සහ පිරික්සුම් ඒකකය ඒ සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විය යුතු බව එහි සඳහන් වේ.
ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය ඇතුළු මෙරට ප්‍රධාන වෙළෙඳ, සමුද්‍රීය, සැපයුම් සංගම් සහ වාණිජ මණ්ඩල 22 ක් එකතුව බහාලුම් තදබදය අවම කිරීම සඳහා මෙම ක්‍රියාකාරී සැලසුම යෝජනා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd