
(යොහාන් භාසුර)
කොළඹ මහ නගර සභාවේ ඡන්ද ප්‍රතිඵලයට අනුව කොළඹ ජනතාව බහුතරයක් වර්තමාන ආණ්ඩුවට බලය දීම සුදුසු නැතැයි තීරණය කර ඇති බවත් ඒ හේතුවෙන් වර්තමාන ආණ්ඩුවට කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට පසුබිම සැකසීමට ඉඩනොතබන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (27) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී අද (27) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥ සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් හැටියට විපක්ෂයේ අනෙකුත් පක්ෂ, බහුතරයක් ලබාගත්ත පක්ෂ මේ සම්බන්ධයෙන් ගන්නා පියවර, කවුද ඉදිරිපත් කරන්නේ යන කාරණා මෙන්ම අණ්ඩුවට විරුද්ධ බලවේගයකට අවශ්‍ය සහය දීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොමැති බවත් නමුත් එහිදි ඒ ඒ පක්ෂවලට, ඒ ඒ පුද්ගලයාට උදව් කරනවා කියන කාරණය මත පදනම්ව කටයුතු නොකරන බවත් කාරියවසම් මහතා කීය.
ජනතා මතය කියන කාරුණ ඉදිරියෙන් තබාගෙන පමණක් කිසියම් පක්‍ෂයකට හෝ කණ්ඩායමකට බලය පිහිටුවීමට සහය දෙන බව කී ඒ මහතා රටේ අනාගතය සම්බන්ධයෙන් එම පක්‍ෂයට වෙනස් ආකල්පයක් ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඔ මොකෙක්ද බං ඒවා තීරණය කරන්න ?
අනේ මාමේ පින්සිද්ද වෙයි, දැන්වත් පාඩුවේ ඉන්න.
අමු කැවිලා...
වැඩියෙන් මන්ත්‍රීවරු ඉන්නේ ආණ්ඩුවට නේද? තමුන්ගේ පක්ෂයට කීයක් ඉන්නවාද? මංකොල්ල කාලා පුරුදු වුණාම ඔහොම ඒවා හිතෙනවා.
මේ කවුද?
ඉස්සර කාටුන් එකක් ගියා බාබාලන්තය කියලා, ඒකේ නගර සභාවේ නගරාධිපති නාමල් තොත්ත බාබා.
උත්සාහය ප්‍රශංසනීයයි. තව උනන්දු වී පාඩම් වැඩ කරගෙන යන්න...
කිසිම දෙයක් නොදන්නා මිනිස්සු දේවල් ලියන්නේ කොළඹ මන්ත්‍රීලා වැඩි විපක්ෂයට ඒක තේරුම් ගන්න...
ආන්ඩුවට. නොදී. රනිල් පිනාට දීලා. තමුන්ට. නැවත පිනාගේ. ලේකම් වෙන්නද බලාපොරොත්තුව. මෙවගෙ උන්ව කනෙන් ඇදන් ගිහින් කුඩුවට දාන්න ඕන දන්න්වා වැඩිවෙලා. ඒකනෙ පිනා ගොන්කරත්තෙ. පෙරල ගත්තෙ. ගොන්නු නාහෙට අහන්නෙ නැහැ. මේ යකානෙ. උපදෙශක. මූත් අන්ත ගොනෙක් අන් දෙක නැති වුනාට
50% ක් නැති ආණ්ඩුව කොළඹ බලේ ගන්න අනීතික වැඩ කරනවා.
රට වැනසූ උඹලට දැන් වැලේ වැල් නැහැ
අනේ මේ අයව මානසික රෝහලකට ගිහින් දාන්න අයියෝ...
තවත් රට වැසියන් මෝඩයන් ලෙස හිතන පක්ෂයක් සහ ලේකම් කෙනෙක්...
හවුලේ කැඳත් එපා යි කියනවනේ...!
සජිත් ගේ කණ්ඩායම රෙද්දක් ඇඳන් තමුන්ලාව එකතු කරගත්තොත් ඊළඟ ඡන්දෙත් සජිත් පරාදයි.