
(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහලේ පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ අනුමැතිය නොමැතිව අවම සුදුසුකම් ලැබූ ටෙන්ඩර් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන්ගේ හිතමිතුරු සමාගමකට ප්‍රදානය කිරීමට සූදානම් වන බව එම රෝහලේ වෘත්තීය සමිති චෝදනා කරයි.
පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව අවම සුදුසුකම් පමණක් සම්පූර්ණ කළ සමාගමකට තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ අනුමැතිය නොමැතිව පිරිනැමීමට ටෙන්ඩර් කමිටුවට බලයක් නොමැති බව කියන වෘත්තීය සමිති පසුගිය ආණ්ඩු සමයේ බෙහෙත් වංචාවලට සම්බන්ධ වූ නිලධාරීන්ම මෙම සිද්ධියට සම්බන්ධ බව ද සඳහන් කළේය.
වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වාහාම මේ පිළිබඳව අවදානය යොමුකළ යුතු බව ද වෘත්තීය සමිති පැවසීය.
මධ්‍යම රජය යටතේ පවතින රෝහල් 54 ක් පිරිසිදු කිරීමේ සේවය පෞද්ගලික සමාගම්වලට ටෙන්ඩර් කැඳවීමෙන් පිරිනමන අතර ඒ සඳහා මාසයක ඇස්තමේන්තු වියදම රුපියල් කෝටි 400 ක් බවත් මීට පෙරද එම කොන්ත්‍රාත් ඇමතිවරුන්ගේ හිතවතුන්ට දුන්නේ යැයි චෝදනාවක් තිබූ බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ වැඩි දුරටත් සඳහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දූෂණ වෙන්නේ නැහැ, මේක ඇවිල්ල පුනරුදේ
යම් සුදුසුකමක් සැපිරුවා නම් ඒක සලකා බලන්න සුදුසුකමක් තමයි. උදාහරණෙකට උස අඩි 5ක් නම් අවම උස අඩි 5.1 තියෙන කෙනාත් 5.4 තියෙන කෙනාත් සුදුස්සො තමයි. එහෙම නැතුව 5.4 වැඩි නිසා එයා වැඩි පුර සුදුසුකම් ලබන්නෙ නෑනේ.