(යොහාන් භාසුර)
රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා කොළඹ ජාතික රෝහලේ වැඩආවරණය කිරීමට පත් කිරීම සඳහා පත් කිරීමෙන් කොළඹ ජාතික රෝහලේ දිනක සේවා කාලය පැය 3 කට සීමා වී ඇතැයි එම රෝහලේ වෛද්‍යවරු පෙන්වා දෙති.
රාගම ශික්ෂණ රෝහලේ නිත්‍ය අධ්‍යක්‍ෂවරයා කොළඹ ජාතික රෝහලේ වැඩ ආවරණය කිරීම සඳහා මීට මාස දෙකට පමණ පෙර පත්කළ බවත් මෙරට විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂවරයා පැය තුනක් පමණක් සේවය සැපයීම ප්‍රමාණවත් නොවන මෙන්ම පිළිගත නොහැකි බවත් වෛද්‍යවරු සඳහන් කරති.
මෙම තත්වය හේතුවෙන් මෙරට තුන්වැනි විශාලතම රෝහල වන රාගම රෝහලේ ද කටයුතු බාධා ඇති වන බව කියන වෛද්‍යවරු සෞඛ අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව ද සඳහන් කරති.
මෙම තත්වය මත ජාතික රෝහලේ සේවාවන් බිඳ වැටීමේ අවදානමක් ඇති බවත් සේවක විනය ද සීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන බවත් වෛද්‍යවරු කියති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොළඹ ජාතික රෝහලට පැය 3ක අධ්‍යක්‍ෂවරයෙක්
වලේසුදා Monday, 09 June 2025 04:01 PM
මාලිමා ගැති වෙන කෙනෙක් හොයාගන්න නැතිව ඇති...
ගුණරත්නMonday, 09 June 2025 06:18 PM
ඔව් මාලිමා ගැත්තෙක් දොස්තරලා අතර අඩුයි නේ? ඉතින් ඔය දණහිස්ස වගේ ඔල්මොරොන්දන් කාරයෙක් හොයාගන්න බැරිව වෙන්න ඇති