
(යොහාන් භාසුර)
මෙරට විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ තනතුර පුරප්පාඩු වී මාස දෙකක පමණ කාලයක් ගතවී තිබුණ ද එම පුරප්පාඩුව පිරවීමට දේශපාලන අධිකාරීය අසමත්වීමෙන් ගැටලුකාරී තත්වයක් උද්ගතවී ඇති බව එම රෝහලේ වෛද්‍යවරු පවසති.
එම රෝහලේ හිටපු අධ්‍යක්‍ෂවරයා උසස්වීමක් ලබා සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස පත්වී මාස දෙක්ක පමණ වන බවත් එතැන් සිට රාගම රෝහලේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂවරයෙක් කොළඹ ජාතික රෝහලේ වැඩ ආවරණය කිරීමට යොදවා ඇති බවත් වෛද්‍යවරු කියති.
වෛද්‍යවරු 1500 සහ විශේෂඥ වෛද්‍යවරු 200 ක් ඇතුළු සෞඛ්‍ය සේවකයන් 25,000 ක් පමණ සේවය කරන එම රෝහලේ අධ්‍යක්‍ෂ ධූරයේ වැඩ ආවරණය කිරීමට පමණක් නිලධාරියකු යෙදවීමෙන් ඇතැම් ඒකකවල ගැටලුකාරී තත්වයන් උද්ගතවී ඇති බවත් එසේ අධ්‍යක්‍ෂ ධූරයේ වැඩබැලීමට නිලධාරියෙක් නිර්දේශ කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් වියහැකි බවත් වෛද්‍යවරු සඳහන් කරති.
කොළඹ ජාතික රෝහලට අධ්‍යක්‍ෂවරයෙක් පත්කිරීමට අයදුම්පත් කැඳවීමට හෝ සෞඛ්‍ය බලධාරීන්ගේ කිසිඳු සූදානමක් නොමැති බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය සේවා අංක 2 තනතුර ද අධිකරණ කටයුත්තක් හේතුවෙන් වසර හතරකින් සම්පූර්ණ කර නොමැති බවත් වෛද්‍යවරු පවසති.
චිකුන් ගුන්යා, ඩෙංගු සහ කොවිඩ් නැවත හිස එසවමින් තිබෙන වර්තමානයේ කොළඹ ජාතික රෝහල් පරිපාලනය දුර්වල තත්වයක පැවතුණ හොත් ජනතාව දැඩි අවදානම් තත්වයකට පත්වන බවත් මලිමා ආණ්ඩුවක් යටතේ සෞඛ්‍ය පරිපාලනය මෙවන් තත්වයකට වැටීම කණගාටුදායක බවත් වෛද්‍යවරු වැඩි දුරටත් සඳහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න ලොකුම ලෙඩ්ඩු තමයි දොස්තරලා. නහයෙන් අඬන්නැති දවසක් නෑ...
මේක මේ 2024 ආණ්ඩුවේ නිසි කළමනාකරනයක් නොමැති නිසාවෙන් සිදුවුවක්. අපි බලයට ආ විගස ඒය විසදිමට කටයුතු කළා. මේ ප්‍රොසෙස් ඒකට මාස 9ක් යනවා. තාම 7 යි නේ.
අර කොළඹ උපකුලපති තේරුවා වගේ ඔය ජවිපෙ වේදිකාවේ හිටපු කෙනෙක්වම මේකටත් පත්කරමු...
කොළඹ ජාතික රෝහලට මාස දෙකක ඉදලා. නුවරට නැත්තේ අවුරුදු ගානක ඉදලා.
නලින්ද ජයතිස්ස වගේ කෙනෙක් හොඳ නැද්ද ඕකට. ප්‍රශ්නයක් ආවොත් ලේසියෙන්ම විසඳගන්න පුලුවන්. දණිස්සෙන් උඩට ගණන් ගන්නෙ නෑනෙ කිසිම දෙයක්.
රටේ වැදගත්ම තනතුරක් වන විගණකාධිපති පත් කලෙත් නැහැ, දැන් මාස ගානක් වෙනවා, හේතුව හෙන්චය්යෙක් දාගන්න බැරිකම. ඔන්න මාලිමාවුන්ගේ කෙරුවාව.