(අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාත් නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය අභියෝග හා දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටී.
මෙම තත්ත්වයට වඩා ඵලදායී අයුරින් පිළියම් යෙදීම පිණිස අදාළ නාගරික අපද්‍රව්‍ය සුරක්ෂිත, තිරසර හා පරිසර හිතකාමී අන්දමින් රැස් කර, පිරියම් කර, බැහැර කිරීම සඳහා නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රධාන සැලසුමක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබ ඇත.
ඒ අනුව, 2019-10-01 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රතිපත්තිය ද සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාත් නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රධාන සැලැස්ම සකස් කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුමක් හරහා ක්‍රියාත්මක කර තිබේ.
එකී ව්‍යාපෘතිය මඟින් සියලුම පාර්ශ්වකාර ආයතන වල සම්බන්ධීකරණයෙන් යුතුව අදාළ ප්‍රධාන සැලැස්ම සකස් කර ඇත. ඒ අනුව, බස්නාහිර පළාත් නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොළඹ කුණු හරි විදියට දමන්න වැඩක් අරඹයි