
(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය කපිල සෙනෙවිරත්න මහතා විසින් විශ්ව විද්‍යාල පනතේ 34 (9) (බී) වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව පසුගිය 12 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම කර ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා වශයෙන් කටයුතු කළ මහාචාරය එච්.ඩී. කරුණාරත්න මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව යළි තමන් එම ධුරයට පත් කරන ලෙස ඔහු කර තිබු ඇයැදීම නොසළකා හරිමින් උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා පත් කර ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ පසුගිය කාලයේ සිදුවු බව කියන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශන කටයුතවලින් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ ස්ථිර පත්කිරීම කරන තෙක් එම ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා පත් කර ඇති බවද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලාට නම් අපි බයයි මල්ලියේ...