IMG-LOGO

කළුබෝවිල රෝහලේ සිවුවැනි මහලින් රෝගියෙක් බිමට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු සිව් වන මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොහුවල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගෝනපොල කන්දෙවත්ත අංක 257 / B හී පදිංචි කුරුප්පු අච්චිගේ චන්ද්‍රසෝම නමැති ( 65 ) හැවිරිදි පුද්ගලකු බව පොලිසිය කියයි.

උගුරේ ඇති වූ පිළිකා රෝගයක් හේතුවෙන් මීට මාස 3ක පමණ සිට මෙම රෝගියා කළුබෝවිල ශික්ෂණ රෝහලට පැමිණ උගුර කන නාසය රෝගීන් සදහා ප්‍රතිකාර කරන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති බව පැවසේ.

සිව් වන මහලේ රැඳී සිටි මෙම රෝගියා 14 දා අලුයම 5.30 පමණ එම වාට්ටුවේ නේවාසික රෝගීන් සඳහා ආහාර ගැනීමට වෙන් කර ඇති ස්ථානයට පැමිණ එහි සවිකර ඇති ජනේල් කවුළුවකින්  බිමට පනින්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මේ බව රෝහල් සේවකයන් දැක ඒ බව රෝහල් පාලනාධිකාරිය දැනුවත් කිරීමෙන් පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ  මියගොස් සිටි පුද්ගලයාගේ මෘත දේහය මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (0)

කළුබෝවිල රෝහලේ සිවුවැනි මහලින් රෝගියෙක් බිමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site