
(සුමිත් පොතුපිටිය)
කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට කළුතර උතුර පොලිසිය පියවර ගෙන තිබේ.
ඒ අනුව කළුතර සිට හොරණ දෙසට ගමන් ගන්නා වාහන වලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දී තිබේ.
ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ විදිමත් වැඩපිළිවෙලක් නොමැතිවීමෙන් මැතිවරණ රාජකාරී සඳහා පැමිණි දෙදහසකට ආසන්න රාජ්‍ය නිලධාරීන් පැය තුනකට වැඩි කාලයක් තිස්ස ජාතික පාසල් භූමියේ සහ අවට තැන රැදී සිටින අයුරු දැකගත හැකිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තියන පළවෙනි ඡන්දෙනේ. ඊළඟ සැරේ එහෙම වෙන එකක් නෑ.