
(සුමිත් පොතුපිටිය)
කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමිණ සිටි ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන්, මැතිවරණ නිළධාරීන් සහ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් පැය ගණනාවක් අපහසුතාවයට පත්ව සිටි අයුරු දැකගත හැකිවිය.
පවතින දැඩි අව් රශ්මිය මධ්‍යයේ ඔවුන් බොහෝ වේලාවක් රැදී සිටී අතර, ඇතැමුන් ඡන්ද පෙට්ටි බිම තබා ඒවායේ උඩද වාඩිවී සිටී අයුරු දැක ගත හැකිවිය.
මේ පිළිබඳ සොයා ගැලීමේදී දැනගැනීමට හැකිි වූයේ කූඩාරම් ඉදිකරන්නට භාරගත් කොන්ත්‍රාත්කරු නිසි පරිදි ටෙන්ට් ඉදිකර නොමැති වීම සහ ඇණවුමට අනුව ප්ලාස්ටික් පුටු ලබාදී නොමැති බවයි.
ඒ අනුව ටෙන්ට් ඉදිකිරීමට රැගෙන ආ යකඩ බට සහ අඩක් නිමකල යකඩ කූඩාරම් ද තැන තැන දැකගැනීමට හැකිවිය.
දීර්ඝ වේලාවක් අව් රශ්මිය මධ්‍යයේ සිටගෙන සිටීමට අපහසුවූ බැවින් පාසලේ පුටු ලබා දුන් බව කළුතර තිස්ස ජාතික ගුරුවරයෙක් පැවසීය.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයුම් කාර්යාලය සදහන් කලේ ඉල්ලුම් කර ඇති පුටු ප්‍රමාණය සපයා ඇති නමුත්, ඉතා වේගයෙන් ඡන්ද පෙට්ටි නිකුත් කර ඇති බැවින් සහ වාහන ප්‍රදාන දොරටුව වෙත ගෙන්වා ගැනීමට අපහසුවීම හේතුවෙන් තදබදය ඇතිව තිබෙන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නිසි පිළිවෙළකට සංවිධානය කරගන්න බැරි අඩු මාසේ ආණ්ඩුවකට රට බාර දීලා බරපතල ව්‍යවසනයකට රට ගොදුරුවෙලා...