
(සුමිත් පොතුපිටිය)
කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමිණ සිටි ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන්, මැතිවරණ නිළධාරීන් සහ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් පැය ගණනාවක් අපහසුතාවයට පත්ව සිටි අයුරු දැකගත හැකිවිය.
පවතින දැඩි අව් රශ්මිය මධ්‍යයේ ඔවුන් බොහෝ වේලාවක් රැදී සිටී අතර, ඇතැමුන් ඡන්ද පෙට්ටි බිම තබා ඒවායේ උඩද වාඩිවී සිටී අයුරු දැක ගත හැකිවිය.
මේ පිළිබඳ සොයා ගැලීමේදී දැනගැනීමට හැකිි වූයේ කූඩාරම් ඉදිකරන්නට භාරගත් කොන්ත්‍රාත්කරු නිසි පරිදි ටෙන්ට් ඉදිකර නොමැති වීම සහ ඇණවුමට අනුව ප්ලාස්ටික් පුටු ලබාදී නොමැති බවයි.
ඒ අනුව ටෙන්ට් ඉදිකිරීමට රැගෙන ආ යකඩ බට සහ අඩක් නිමකල යකඩ කූඩාරම් ද තැන තැන දැකගැනීමට හැකිවිය.
දීර්ඝ වේලාවක් අව් රශ්මිය මධ්‍යයේ සිටගෙන සිටීමට අපහසුවූ බැවින් පාසලේ පුටු ලබා දුන් බව කළුතර තිස්ස ජාතික ගුරුවරයෙක් පැවසීය.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයුම් කාර්යාලය සදහන් කලේ ඉල්ලුම් කර ඇති පුටු ප්‍රමාණය සපයා ඇති නමුත්, ඉතා වේගයෙන් ඡන්ද පෙට්ටි නිකුත් කර ඇති බැවින් සහ වාහන ප්‍රදාන දොරටුව වෙත ගෙන්වා ගැනීමට අපහසුවීම හේතුවෙන් තදබදය ඇතිව තිබෙන බවයි.


2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට
prasanna Monday, 05 May 2025 12:20 PM
වැඩක් නිසි පිළිවෙළකට සංවිධානය කරගන්න බැරි අඩු මාසේ ආණ්ඩුවකට රට බාර දීලා බරපතල ව්‍යවසනයකට රට ගොදුරුවෙලා...
Suranga Monday, 05 May 2025 05:27 PM
ප්‍රශන්න මහත්තයා මැතිවරණ කටයුතු කරන්නේ දේශපාලුවෝ හෝ ආණ්ඩුව නොවෙයි, මැතිවරණ දෙපාර්තමේන්තුව හා දිසාපති කාර්‍යාල කාර්‍යාලයේ නිළධාරින්ගේ සංවිධායකත්වයෙන් සියලු රජයේ නිලධාරින් එකතුවෙලා තමයි ඒවාට ආණ්ඩුව කිසිම සම්බන්ධයක් නැහැ...