(යොහාන් භාසුර)
කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ අයිතිය තුළ පදිංචි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකළ කොට්ටාව, මාලපල්ල, පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය නිල වශයෙන් ජනතා අයිතියට පත්කිරීම සහ නිවාසවලට අදාල හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීම අද (6) පැවැත්විණි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ඉඩම් සහ නිවාස අහිමි වූ පවුල් ඒකක 116 ක් සඳහා හිමිකම් පත්‍ර ලබාදීම සිදුකෙරිණ.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකළ මෙම නිවාස සංකීර්ණය මහල් 12 කින්, නිවාස ඒකක 120 කින් සමන්විත අතර හඑම නිවාස සකීර්ණය ඉදිකිරීම් රුපියල් මිලියන 2,175 ක් වැයවිය.
එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙසේ පැවසීය.
“නාගරික හා ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනයට රජය ප්‍රමුඛතාවය ලබාදී තිබෙනවා. පොදු මගී ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීමට අදාල රජයේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව කෙරෙමින් පවතිනවා. දීර්ඝ කාලයක් පිළිවෙලක් නැතුව ගමන් කළ අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය නිසි මාර්ගයට ගැනීමට සියලු දෙනාගේ කැපවීම අවශ්‍යයි. සංවර්ධනයේ දී කිසිදු බේදයක් නැතිව සමානාත්මතාවයෙන් කටයුතු කරන පුරවැසි රජයක් අද තිබෙනවා” යැයි පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කැළණිවැලි දුම්රිය මාර්ගය අසල අනවසර පදිංචිකරුවන්ට ගෙවල්
swene Friday, 06 June 2025 08:57 PM
එක්කෝ ඔය අයම නැත්නම් තවත් කවුරු හරි රජයේ ඉඩම් වල දේශපාලන හයියද අරගෙන ගෙවල් අටවාවි. ඕවාට ජනතා බදු මුදලින් දිගටම සැලකිය යුතුද ? පාරවල් අයිනේ අටවනවා. කඩ කෑලි ගහනවා. අන්තිමේදී, ඒවා වෙනත් අයට කුලියටත් දෙනවා, වෙළඳාම් වලට.
ගුණරත්න Friday, 06 June 2025 10:40 PM
මේවා නිකම්ම දුන්නොත් තව අය පැල් අටවාගෙන ගෙවල් ගනීවි, අඩුම ගානේ බදු කුලියක් හරි අයකරන්න ඕනෑ...
රසික Friday, 06 June 2025 11:39 PM
තව තවත් මහජන දේපළ අල්ලා ගන්න.. ඒකයි දෙන පණිවිඩය ඕකෙන්...
ටිකිරි මොලේ Saturday, 07 June 2025 06:47 AM
මාත් හිතාගෙන ඉන්නේ ප්‍රයෝජනයට ගන්න පුලුවන් ගහක් තියෙන මාර්ග රක්ෂිතයක් හෝ ඇලක දොලක රක්ෂිතයේ ගහ යටින් පොඩි ගෙයක් හදාගන්න තරමක් සුළං තියෙන වෙලාවට ගෙට අනතුරු කියලා ගහ කපාගෙන ඒ ලී ප්‍රයෝජනයට අරගෙන ගේ ලොකු කරගන්නත් පුලුවන් කාලයක් යනකොට ඔහොම ජනතාව උගසට තබා ගන්නා ණයෙන් හදන ගේකුත් ගන්න පුලුවන් වේවිනේ... කොහොමද මගේ මොලේ...?
don Saturday, 07 June 2025 07:34 AM
එක පවුලක් වෙනුවෙන් රුපියල් මිලියන 18කට වැඩියෙන් වියදම් කරලා.
සාලිය Saturday, 07 June 2025 08:23 AM
Vertical Development හෙන හොඳා කියලා හිතාගෙන උන්නාට ඕකේ side effects මහ ගොඩාක් තියනවා.
සනත් ගමගේ Saturday, 07 June 2025 11:32 AM
රේල් පාර අයිනේ නිවසක ජීවත් ව සිටි පවුල් වල පුද්ගලයෙක් නිසා මොරටුව සිදුවීමට ගිය මහා ඛේදවාචකයක් වලක්වා ගැනීමට හැකි වුනා. මේ ගැනත් සිතන්න...