
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ප්‍රබල පාතාල සාමාජිකයකු ලෙස සැලකෙන කෙහෙල් බද්දර පද්මේ සහ ඔහුගේ ප්‍රධානම ගෝලයන් බව කියන කොමාන්ඩෝ සලින්ද සහ බත්තරමුල්ලේ සංජීව යන අය මැලේසියාවේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වාර්තාවේ.
මැලේසියාවේ ක්වාවාලාරම්පූර්හි සුපිරි හෝටලයක පැවැති සාදයකට සහභාගී වෙමින් සිටියදී තිදෙනා අත්අඩංගුවට පත්ව ඇතැයි බුද්ධි අංශ නිලධාරියෙක් සඳහන් කළේය.
කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තිකූඩුවක් තුළදී ගණේමුල්ල සංජීව නමැති පාතාල කල්ලි නායකයා ඝාතනය කිරීම කෙහෙල් බද්දර පද්මේ නමැත්තාගේ කීමට සැලසුම් කර ඇතැයි කියන්නේ ද කමාන්ඩෝ සලින්ද නමැත්තා බව කියති.
සලින්ද නමැත්තා යුද හමුදා කමාන්ඩෝ බළකායේ රාජකාරී කරමින් සිටියදී එයින් පලා ගිය අයෙකි.
කොමාන්ඩෝ සලින්ද මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඩුබායිවලට පලා ගිය අයකු බව ද පොලිසිය කියයි.
ඩුබායි සිට ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර පසුව කෙහෙල් බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ද සහ බත්තරමුල්ලේ සංජීව නමැත්තන් මැලේසියාවට පලා ගොස් ඇති බව බව ද පැවැසේ.
ඩුබායි රටේ තවදුරටත් සැඟව සිටීම අනාරක්ෂිත නිසා මෙසේ මැලේසියාවට පලා ගොස් ඇතැයි ද පැවැසේ.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෙහෙල්බද්දර පද්මේ ගෝලයෝ දෙන්නෙක් සමග මාට්ටු?
Perera Thursday, 10 July 2025 04:21 AM
මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක නොකළොත් මේ වගේ එවුන්ගෙන් කාටවත් සැනසීමක් නැහැ...
Krishan Thursday, 10 July 2025 07:32 PM
ගනේමුල්ලෙ සංජීව ඝාතනය කළාට පස්සේ සංජීවගේ අය රිටර්න් එක දෙයි කියලා බයට පැන්නා. ඒ කියන්නේ පාතාලයේ කොච්චර කෙරුමෙක් වුණත් පන බය නිසා පැන්නා කෙහෙල් බද්දර පද්මෙත් අවසානය කරා යමින් ඉන්නවා වගේ..
Bunny Preena Friday, 11 July 2025 09:28 AM
අවි ගත්තෝ අවියෙන්ම නසිති.