
(ප්‍රසාද් රුක්මල් )
රිදීමාලියද්ද පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ගංජා සහඅයිස් මත්ද්‍රව්‍ය සමග ගල්පෝරුයාය ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණ පදියතලාව පාර පදිංචි රිදීමාලියද්ද පොලිසියට අනියුක්තව සේවය කල 31 හැවිරිදි පොලිස් කොස්තාපලවරයකු යැයි පොලිසිය කීය .
මොහු කලක් මානසික රෝගි තත්ත්වයකින් පෙලෙමින් සිට ප්‍රතිකාර ලබා පසුගිය 7වන දින නිවසට පැමිණ ඇති අතර මොහු ගල්පෝරුයාය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටියදී ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .
මෙම පොලිස් කොස්තාපලවරයා මීටපෙර වාකරේ පොලිසිය ට අනියුක්තව රාජකාරි කටයුතු කරමින් සිටියදී 2023 වසරේදී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 2ක් සහ ගංජා පැකට්ටුවක් සන්තකයේ තබා ගෙන සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් ව පසුව 2024 වසරේදී යලි සේවයේ පිහිටුවා වාලච්චේන පොලිසිය ට අනියුක්තව රාජකාරි කටයුතු සිදු කර ඇතැයි පොලිසිය පැවසීය .
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොස්තාපල් ගංජා අයිස් සමඟ මාට්ටු