(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන මගීන් 60 කට අධික පිරිසක් නංවාගෙන බීමත්ව බස් රථයක් ධාවනය කරමින් යතුරුපැදියකින් යමින් සිටි කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අනතුරට ලක් කිරීමට උත්සාහ දරා අනතුරුව යකඩ කොල්ලකින් පහර දීමට තැත් කළ සැකකාර රියදුරු අත් අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි
පොලිස් අණ දෙන තොරතුරු කොට්ඨාසයේ සේවයේ නියුතු කොස්තාපල්වරයා යුද හමුදා රෝහලේ හෙදියක ලෙස සේවය කරන සිය බිරිඳව රැකියා ස්ථානය කරා යතුරු පැදියෙන් රැගෙන යමින් සිටියදී බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී මෙම සිද්ධියට මුහුණ පා තිබේ.
එම අවස්ථාවේදී කොස්තාපල්වරයා ඊට මඳක් ඉදිරියෙන් රයිගම ප්‍රදේශයේ රථවාහන අනතුරක් සම්බන්ධයෙන් පරීක්ෂාවේ යෙදී සිටි බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් වෙත ඒ බව සැලකිරීමෙන් අනතුරුව සැකකාර රියදුරු යකඩ පොල්ලත් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
එම අවස්ථාවේදී සැකකාරයට යතුරු නොසන්සුන්කාරී ලෙසද ඇසුරුණු බව පොලිසිය සඳහන් කරයි
සැකකරු රත්මලාන අත්තිඩිය පදිංචිකරුවෙකි. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
බණ්ඩාරගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොස්තාපල්ට පහර දෙන්න ගිය බස් රියදුරු අත්අඩංගුවට