
(සුජිත් හේවාජුලිගේ)
කිව් ආර් ක්‍රමවේදයට පිටින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වල බලපත්‍ර අවලංගු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පැවසීය.
පිරවුම්හල්වලට නිකුත් කරන තොග සහ කිව් ආර් ක්‍රමවේදය යටතේ නිකුත් කෙරෙන තෙල් ප්‍රමාණයේ වෙනස සොයා බැලීමට අද (16) සිටම විමර්ශන අරඹන බවද ඔහු සඳහන් කළේය.
කිව් ආර් කේතය නොමැතිව මින් ඉදිරියට කිසිම වාහනයකට ඉන්ධන නිකුත් කිරීමට අවසරයක් නැති බවද සභාපතිවරයා කීවේය.
මගී ප්‍රවාහන බස් රථවලට ලංකා ගමන ගමන මණ්ඩලය හරහා තෙල් ලබා දෙන බවත් කෘෂිකර්මික උපකරණවලට අවශ්‍ය ඉන්ධන නිකුත් කරන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවත් රාජකරුණා මහතා පැවසීය.
ඉන් තොරතුරු ලබාගෙන තෙල් නිකුත් කිරීම පටන් ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.
කිව් ආර් කේතය හඳුන්වාදී ඇති හෙයින් පෝලිම්වල රස්තියාදු වීමට අවශ්‍ය නැතැයි පැවසූ සභාපතිවරයා ඉන්ධන පිරවුම් හල්වල සහ වෙබ් අඩවි වල ගැටළු සියල්ල නිරාකරණය කර ඇතැයිද සඳහන් කළේය.
විශ්මකර්මයකු සිටියා නම් පළමුවෙනිදා සිටම කිව් ආර් කේතය ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේය.
ලබන මාසයේ අවසන් වන තෙක් ඉන්ධන තොග ඇති ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
QR කේතය ගැනීමේ ආකෘතිය පුරවද්දී එක් තැනක මුල්නම කියලා යොදන්න තියෙනවා. ඊළගට වාසගම කියලා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර ලිව්වේ කිව්වේ මුලකුරු සමග නම කියලා මේක පැහැදිළි කරන්න නොදන්නාකමට ඇහුවේ...
ඔබතුමා කියන විදියට විශ්මකර්මයෙක් සිටියානම් එතුමාට මුලු රටම බාර දෙන්න තිබුණා නේද? කරුමෙට එහෙම කෙනෙක් නෑ නේද?
මම මාර්තු 15 වෙනිදා දහවල් 12 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ලියාපදිංචි වීමට උත්සාහ කළා. මට ඒක කරන්න බැරි වුණා. කලින් QR අවලංගු කරලා අලුත් QR ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕනේ. මගේ වාහනය අවුරුදු කීපයකට කලින් විකුණලා තිබුණත් මට අලුත් හිමිකරුට යාවත්කාලීන කරන්න බැහැ.
QR කේතය ලියාපදිංචි කළ නොහැක. ඔහු බොරු කියනවා.
මගේ කාර් එක ලියාපදිංචි කරන්න බෑ. ඒකෙ තියෙන්නේ දැනටමත් ලියාපදිංචි කරලා කියලා (පෙර හිමිකරු විසින්). මට නැවත ලියාපදිංචි වෙන්න එයා එයාගේ කිව් ආර් එක මකා දාන්න ඕනද?
මම මගේ අංකය රෙජිස්ටර් කළේ 2022දී... මොකද කරන්න පුළුවන්?