
(මනෝප්‍රිය ගුණසේකර)
දික්කසාද නඩුවක තීන්දුව කාන්තාවට වාසිදායක වන අන්දමට දීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී කදුරුවෙල ක්වාසි විනිසුරුවරයා සහ එහි ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උදාළ කාන්තාව විසින් කළ පැමිණීල්ලකට අනුව කළ වැටලීමකදී කදුරුවෙල ක්වාසි අධිකරණ පරිශ්‍රයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කදුරුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ විවිධ ජනකොටස් වලට එක එක උසාවි සහ නීති අවශ්‍ය නැහැ. කරුණාකර හැමෝම එක නීතියක් යටතට ගෙන එන්න කටයුතු කරන්න...
එක රටක් එක නීතියක්!
මේ විකාර දේවල් අයින් කරලා විද්‍යානුකූලව තියෙන රටේ එකම නීතියකට සියල්ලන් යටත් කරන්න කොන්ඳක් තියෙන නායකයෙක් අපට කවදා බිහි වෙයිද?
සහතික ඇත්ත.... ආගමයි, නීතියයි පටලවාගෙන...
මේ වගේ විකාර වැඩ ලෝකේ කොහෙවත් නැහැ. ජර්මනියේ ජීවත්වන පුරවැසියන් සියලු දෙනාටම තිබෙන්නේ එක නීතියක්, සවුදි අරාබියේ තිබෙන්නේ ඒ ගොල්ලන්ගේ නීතිය, එංගලන්තේ තියෙන්නේ එක නීතියක්.., ක්වාසි උසාවි වැනි දේවල් අපේ නීති පද්ධතියට සහ උසාවි වලට කරන අපහාසයක්..., සැම පුරවැසියෙකුම එක පොදු නීතියක් යටතට ගෙන එන්න... අපේ රටේ නීතිය හොඳ නැතිනම්, කැමැති කෙනෙක් පාකිස්තානයට හෝ සවුදි අරාබියට හෝ ඩුබායි හෝ ගිහින් පදිංචි වෙන්න.
විවාහ නීති කියන්නේ සිවිල් නීති මිස අපරාද නීති නෙමේ. මේ රටේ අපරාද නිතිය හැමෝටම පොදුයි. අනිත් එක කෙනෙක් විවාහ වෙන එක එයාගේ පෞද්ගලික දෙයක්. ඒක ඒ ඒ අයගේ සමාජය, සංස්කෘතිය අනුව ඒවා කරන්නේ. ඒක ලියාපදිංචි කරන එක තමයි රජය කරන්න ඕනේ. කෙනෙක් හිතනවානම් හැමදේම රජය පාලනය කරන්න ඕනේ කියල, එයාලා ගැලපෙන්නේ උතුරු කොරියාවට තමයි.