
(ටී.කේ.ජී.කපිල )
ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙකුගේ අත් බෑගයෙහි තිබූ රුපියල් නව ලක්ෂ හාර දහස් හාරසීයයක මුදල් තොගයක් සොරා ගත් , ගුවන් තොටුපොළ කුලී රථ රියැදුරුවරයෙකු අද (31) කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඩුබායි හි මානව සම්පත් සහකාර කළමණාකරුවෙකු ලෙස සේවය කළ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඉකුත් 29 දින රාත්‍රී 09.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි .
ඉන්පසුව ඔහු සිය නිවෙසට යාමට කටුනායක ගුවන් තොටුපොළෙන් රථයක් ලබා ගෙන ඇති අතර , අමතක වීමකින් එම රථයෙහි , ඔහුගේ ලැප්ටොප් පරිගණකය අඩංගු බෑගය දමා ගොස් තිබුණි .
පසුව ඒ පිළිබද රථ රියැදුරුවරයාගෙන් විමසූ විට , එය තම රථයෙහි ඇති බවත් , එය කටුනායක ගුවන් තොටුපොළට පැමිණ භාර ගන්නා ලෙසත් දැනුම් දී තිබේ .
ඒ අනුව ගුවන් මගියා අද උදෑසන අදාළ බෑගය භාර ගෙන පරීක්ෂා කිරීමේ දී , එහි වූ රුපියල් 904,400 ක මුදල නොමැති බව දැන ගැනීමෙන් පසු , කටුනායක ගුවන් තොටුපොළ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ .
2025 දෙසැම්බර් මස 18
401
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුලී රථ රියදුරා ගුවන් මගියාගේ ලක්ෂ 9කට විදලා
ගුණරත්න Monday, 31 March 2025 03:44 PM
පුනරුදේ කියන්නේ මේකටද? ලැජ්ජා බය නැතිව අතට අහුවෙන හොරකම් කරන එක...?
maalaka Tuesday, 01 April 2025 05:45 AM
gunarathna,ලඟදි මොලේ කොහෙවත් වැදුනද ?