IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කල් ගිය එජාප සංවත්සර උත්සව දිනය කියයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය උත්සවය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

එජාප සංවත්සර උත්සවය සැප්තැම්බර් 6 වැනිදා පැවැත්වීමට කලින් තීරණය කර තිබූ අතර 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන එම දිනය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කරනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර  උත්සවය සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනය කර තිබෙන බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

එජාප සංවත්සර උත්සවය  සඳහා සියලු පක්ෂ සහභාගී වන හෙයින් එජාප මූලස්ථානයෙන් බැහැරව කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී සංවත්සර  උත්සවය පැවැත්වීමට සාකච්ඡා කර තිබෙන බවද එජාප සභාපතිවරයා සඳහන් කළේය.

 



අදහස් (4)

කල් ගිය එජාප සංවත්සර උත්සව දිනය කියයි

Pankumburage Wednesday, 03 September 2025 11:55 AM

එක කපාටයයි වැඩ කරන්නේ 21 වෙනකම් ඇයි කල්දාන්නේ.

:       7       11

කපුරුහාමි Wednesday, 03 September 2025 01:44 PM

අප්පට සිරි. පක්ෂේ අත හැරලා පැනලා ගිය අයත් දැන් අලියගේ පිටේ නැගලා යයි වගේ? පහුගිය කාලේ ළාමක ටින් ටින් එහෙමත් නිතරම වගේ ආවා ගියා....

:       4       11

අරවින්ද මොණරවිල Wednesday, 03 September 2025 02:59 PM

ඔය එක්කම පක්ෂයෙයි නායකයාගෙයි අදාහනයත් ලැහැස්ති කරන්න... !

:       6       9

රිස්වාන්Wednesday, 03 September 2025 07:13 PM

එයාට ඉස්සෙල්ලා ඔයා මැරෙන්නේ නෑ කියලා විශ්වාසද?

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site