
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එල්බෝඩ් නැති පලපුරුදු ආණ්ඩු රටින් හාල් ගෙන්වීමේ මගඩි වලින් රුපියල් කෝටි 1500කට වඩා රටට අහිමි කර තිබෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා 358 ක් තිබෙනවා.අද මේ ගබඩා වලින් ප්‍රකෘති තත්ත්වයේ තිබෙන්නේ යම් ප්‍රමාණයක් පමණයි.අප ආණ්ඩුව බාරගන්නා විට රජයේ ගබඩා වල වී තිබුණේ නැහැ.මේ යල කන්නයේ ආණ්ඩුව නාඩු වී ඇටයක්වත් ගත්තේ නැහැ. කලින් ගත්ත වී ප්‍රමාණයක් තිබුණා. පසුගිය ආණ්ඩුව එකසිය තිහක පිරිවැයක් දරා ගත්ත වී රුපියල් අසූවට වික්කා.එලෙස විකිණූයේ රුපියල් පනහක් රටට පාඩු කරමින්.අපි ආණ්ඩුව බාරගන්නා විට රජය සතුව වී ඇටයක්වත් නෑ.අපිට මුහුණ දෙන්නට සිදුවූයේ මෙන්න මේ ප්‍රශ්නයටයි.අකමැත්තෙන් වුවත් අපට පිටරටින් හාල් ගේන්නට සිදුවූයේ මේ නිසයි" යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.