
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්ම සැලසුම්කරු ලොකු පැටී නැමැත්තා හෙට මෙරටට රැගෙන ඒමට නියමිත බව බස්නාහිර පළාත දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි.
ඉකුත් වසරේ ජූලි මස 8 වෙනි දින ක්ලබ් වසන්ත ඇතුළු පිරිස අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ කලාගාරයක ආරම්භක උත්සවයකට සහභාගි වී සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් ක්ලබ් වසන්ත ඝාතනයට ලක්වූ අතර ඔහුගේ බිරිඳ ඇතුළු තවත් කීප දෙනකු බරපතල තුවාල ලැබීය.
බෙලරැසි හි ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් ලොකු පැටී නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන ඒමෙන් අනතුරුව බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමකට වැඩිදුර පරීක්ෂණ සඳහා භාරදීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි ප්‍රශ්නයක් නැහැ, හැරෙන තැපෑලෙන් හර්ෂණ කැකුනවෙලට බැරියයි ඇප දෙන්න, කන්ජිට දුන්න වගේ ! අපි එහෙමයි පාතාලය මර්දනය කරන්නේ ! අපි, පාතාලය එක්ක එකතුවෙලා, අපේ හතුරන්ව සීන් එකෙන් අයින් කරනවා !
ඒක හොඳයි. ඇප දෙන්න පුළුවන් දැන්
ඇහුවොත් ලොකූ...ඇස් දෙකෙන් දකිනකොට දොඩම් ගෙඩි දෙකක් තරම් උස නෑ....අතින් පයින් චණ්ඩි ඉන්න ඇත්තේ ඒ කාලේ...
ගේන එක ඒ අමනුස්සයාට හොඳයි. මොකද නිදොස්කොට නිදහස් වෙන්න තියෙන එකම රට මේක නිසා. දැන් කළු කෝට් පෝලිමේ ඇති මෙයාව බේරා ගන්න.
එතකොට කන්ජිපානි සම්බන්ධ නැද්ද දැන්...?