
( එච් .චන්දන )
කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ තිබූ බීඩි කොළ තොගයක් සොරකම් කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ(06) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය කියයි.
ඉකුත් පෙබරවාරි මස 16 වැනිදා රාත්‍රී කාලයේදී කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය තුළ ගබඩා කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 150 ක් අඩංගු පොලිතින් උර 05 ක් අස්ථානගතවි තිබේ.
මේ පිළිබදව පොලිස් විශේෂ කාර්යංශයේ කල්පිටිය උප ඒකකයේ නිලධාරියකුට ලද තොරතුරක් අනුව සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් කල්පිටිය - සේතාවාඩිය සහ මණ්ඩලකුඩාව පදිංචිකරුවන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd