(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
“ක්ලීන් ශ්‍රී ලංකා ” වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම සහ ක්‍රියාත්මක කිරීම ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකාය වෙත පවරා තිබේ.
ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකායේ සභාපති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ලේකම් සහ කැඳවුම්කරු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ඇතුළු “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයෝද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන කපිල ජනක බණ්ඩාර, රෝෂන් ගමගේ යන මහත්වරුද, “ක්ලීන් ශ්‍රී ලංකා ” වැඩසටහනේ නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
“ක්ලීන් ශ්‍රී ලංකා” බලකාය ජනපති හමුවෙයි
යෝගා Friday, 07 March 2025 08:26 PM
ගෝඨාභයගේ පොහොර බලකාය මතක් වුණා. අන්තිමට රජ ඇඳුම් ඇන්දුවා කියලා හෙලුවැල්ලෙන් රටපුරා එක්කරගෙන යයි. උපදෙසක් ගන්න ඉන්නෙත් වඳුරු ඇමැතිලා රැලක්නේ...
ShyamFriday, 07 March 2025 09:37 PM
ඔයාලාගේ මෝඩකම පෙන්වන්න එපා
Nihal Saturday, 08 March 2025 12:26 PM
වැඩේ හොඳයි හැබයි අද පිරිසිදු කලාට පරිසරයට ආදරයක් නැති හමහර දුෂ්ට මිනිස්සුන කනවා බොනවා විසිකරනවා පාර දෙපැත්ත කුණු මලු විසි කරලා අප්‍රසන්නයි නගරවල කාණුවල පොලිතින් ප්ලාස්ටික් බෝතල් හිරවෙලා කලු පාට වතුරේ මදුරුකීට ලක්‍ෂ ගණනින්,ඔය වැඩේ සාර්ථක වෙන්න නම් සිංගප්පූරුවේ වගේ අලුත් නීති අණපනත් අවශ්‍යයි,නැතුව සමහර ආත්මාර්ථකාමි මිනිස්සුන් හදන්න බෑ.මේවා දරුවන්ට දහම් පාසැලේ මොන්ටිසෝරියේ සිට ඉගැන්වීය යුතුයි,අයිස් පලම් එකක් කෑවත් දරුවා හිතන්නේ ඒක බිමට දාන එක වරදක් නෑ කියලයි දෙමව්පියන් කියලා දෙන්න ඔවුන්ට හරි වැරද්ද ගැන හිතනවා අඩුයි,ලෝකේ ඕනෑම අපිරිසිදු රටක් ඉතා දිළිඳුය, නිවසක් උනත් ඒ ටිකමයි,සමහර ගෙවල්වල හෝටල් නමින් පවත්වාගෙන යන බත් කඩවල කුස්සිය මෙලොව අපාය,ඇත්තටම බටහිර රටවල ජපානේ කොරියාවේ ඌරු කොටු ඊට වඩා ගොඩාක් පිරිසිදුයි