IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොලොන්නේ වෙඩි තැබීමක්:අයෙක් මරුට

(ජයන්ත නානායක්කාර සහ අජිත්ලාල් ශාන්ත උදය)

කොළොන්න උල්ලිදුවාව ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකරුවෙක්  වෙඩි තබා ඝාතනය කර ඇතැයි  කොළොන්න පොලීසිය  පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ කොළොන්න  උල්ලිදුවාව අප්ටන්වත්ත  ලිපිනයේ පදිංචි හිරිඹුරගේ කුමාරසේන ( 61)නැමති විවාහක එක් දරු පියෙක් වන වතු හිමියෙකි.

නිවසට  පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු  ඉඩමක තේ වගා කර ගැනීමට ඇති බව පවසා ඉහල මාලයේ සිටි ඉඩම් හිමි වැවිලිකරුවා ට  නම කියා කතා කර තිබේ.

එහිදී ඔහු පහළ මාලයට පැමිණ කතා කර ඇති අවස්ථාවේදී යතුරුපැදිකරුවන් දෙදෙනා ඔහුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.

 මෙම මිය ගිය ඉඩම් හිමියා  මුඩු  ඉඩම් කොන්ත්‍රාත් පදනම මත වෙනත් පුද්ගලයින්ගේ ලබාගෙන ඔවුන්ට තේ වගා කර දීම ව්‍යාපාරයක් හැටියට කරගෙන  ගොස් ඇති බව පොලීසිය කියයි.

 



අදහස් (5)

කොලොන්නේ වෙඩි තැබීමක්:අයෙක් මරුට

Chandrapala Wednesday, 10 July 2024 04:37 AM

රක්වාන කෑල්ල පාර කියලා එකක් නැහැ .රක්වාන - දෙනියාය පාර නැත්නම් රක්වාන -ඇඹිලිපිටිය පාර තමයි තියෙන්නෙ. ඒ අතර පල්ලෙබැද්ද කොලොන්න පාර තියෙනවා .කොලොන්නෙදි වෙඩි තැබීමක් වුනා නම් කෑල්ල සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. ඇඹිලිපිටිය සූරියකන්ද පාරේ (රත්නපුර ගාල්ල මාර්ගයේ අතර මැද කොටසක් තමයි රක්වාන දෙනියාය කියන්නෙ.. ඒ මාර්ගයට සූරියකන්ද හංදියේදී ඇඹිලිපිටිය පාර එකතුවනවා) නවනැලිය හා මඩුවන්වෙල අතර තමයි කොලොන්න තියෙන්නෙ. කොහොම වුනත් අනවශ්‍ය කෑලි එකතුකර වාර්තාව අපැහැදිලි කර තියෙනවා

:       0       0

ජගත් ලියනගේ Wednesday, 10 July 2024 08:29 AM

ලංකාවේ අපරාධ සහ මිනීමැරුම් එන්න එන්නම වැඩි වෙනවා . පොලිසිය අකාර්යක්ෂමයි .

:       0       0

Perera Wednesday, 10 July 2024 08:43 AM

මේවා මේ අන්තිම මිනීමැරුම් ටිකනේ... අරයා කියන විදිහට පාතාලේ ඉවරකරලා දාන්නම්...!

:       0       0

Ruwan De Silva Wednesday, 10 July 2024 09:02 AM

දැන්නම් ලංකාව හයිටිය වගේ, මහා දවල් මිනී මරනවා පොලිස්සිය නිදියි.

:       0       15

V.K.Lankaputhra Wednesday, 10 July 2024 10:33 AM

යුක්තිය දැන් ඉහවහ ගිහිල්ලා. රට බලු ගුදයට යනකම්ම ගිහිල්ලා.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site