
(ජයන්ත නානායක්කාර සහ අජිත්ලාල් ශාන්ත උදය)
කොළොන්න උල්ලිදුවාව ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකරුවෙක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොළොන්න පොලීසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ කොළොන්න උල්ලිදුවාව අප්ටන්වත්ත ලිපිනයේ පදිංචි හිරිඹුරගේ කුමාරසේන ( 61)නැමති විවාහක එක් දරු පියෙක් වන වතු හිමියෙකි.
නිවසට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ඉඩමක තේ වගා කර ගැනීමට ඇති බව පවසා ඉහල මාලයේ සිටි ඉඩම් හිමි වැවිලිකරුවා ට නම කියා කතා කර තිබේ.
එහිදී ඔහු පහළ මාලයට පැමිණ කතා කර ඇති අවස්ථාවේදී යතුරුපැදිකරුවන් දෙදෙනා ඔහුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙම මිය ගිය ඉඩම් හිමියා මුඩු ඉඩම් කොන්ත්‍රාත් පදනම මත වෙනත් පුද්ගලයින්ගේ ලබාගෙන ඔවුන්ට තේ වගා කර දීම ව්‍යාපාරයක් හැටියට කරගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රක්වාන කෑල්ල පාර කියලා එකක් නැහැ .රක්වාන - දෙනියාය පාර නැත්නම් රක්වාන -ඇඹිලිපිටිය පාර තමයි තියෙන්නෙ. ඒ අතර පල්ලෙබැද්ද කොලොන්න පාර තියෙනවා .කොලොන්නෙදි වෙඩි තැබීමක් වුනා නම් කෑල්ල සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. ඇඹිලිපිටිය සූරියකන්ද පාරේ (රත්නපුර ගාල්ල මාර්ගයේ අතර මැද කොටසක් තමයි රක්වාන දෙනියාය කියන්නෙ.. ඒ මාර්ගයට සූරියකන්ද හංදියේදී ඇඹිලිපිටිය පාර එකතුවනවා) නවනැලිය හා මඩුවන්වෙල අතර තමයි කොලොන්න තියෙන්නෙ. කොහොම වුනත් අනවශ්‍ය කෑලි එකතුකර වාර්තාව අපැහැදිලි කර තියෙනවා
ලංකාවේ අපරාධ සහ මිනීමැරුම් එන්න එන්නම වැඩි වෙනවා . පොලිසිය අකාර්යක්ෂමයි .
මේවා මේ අන්තිම මිනීමැරුම් ටිකනේ... අරයා කියන විදිහට පාතාලේ ඉවරකරලා දාන්නම්...!
දැන්නම් ලංකාව හයිටිය වගේ, මහා දවල් මිනී මරනවා පොලිස්සිය නිදියි.
යුක්තිය දැන් ඉහවහ ගිහිල්ලා. රට බලු ගුදයට යනකම්ම ගිහිල්ලා.