IMG-LOGO

කිරි කැටියක මරා වැසිකිලියේ සඟවලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

උපන් හැටියේම බිළිඳිය ඝාතනය කර සිරුර මල්ලක දමා නිවසේ පිහිටි වැසිකිළි වළතුළට දමා සැඟ වූ බව කියන 23 හැවිරිදි මවක් තෙරිපැහැ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය

සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ වෑකුඹුර ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

උදරයේ තදබල වේදනාවක් ඇති බව කියමින් මෙම කාන්තාව තෙරිපැහැ රජයේ රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාරලබමින් සිට ඇතැයි තෙරිපැහැ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව රෝහලෙන් පලා යෑම ගැන වෛද්‍යවරයාට ඇති වූ සැකයක් මත මේ බව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දැනුම් දී ඇය ගැන සොයා බැලීමක් කරන ලෙස පවසා ඇතැයි පොලීසිය පවසයි.

පවුල් සෞඛ්‍ය නිලධාරිනිය ඇගේ නිවසට ගොස් කරලද සොයා බැලීමේදී මල්ලක් තුළට දමා වැසිකිලි වල සඟවා තිබූ බිළිදියකගේ මළසිරුර දැක්ක ඒ බව රෝහල් වෛද්‍යවරයාට සහ පොලිසියට දැනුම් දී ඇත. 

 



අදහස් (1)

කිරි කැටියක මරා වැසිකිලියේ සඟවලා

Suddah Saturday, 07 January 2023 08:44 AM

කාලකන්නි ,ජරා කමට කරගත්තට අහිංසක කිරි පැටව් ද පලි.මුන් වගේ එවුන් නිසා තමයි අද මේ රටට හෙන ගැහිලා තියෙන්නේ .කාලකන්නි නීතියක්

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site