
(නිමල කොඩිතුවක්කු)
“කිරි ඉතිරෙන රටක්”පශු සම්පත් පස් අවුරුදු සැලැස්ම කෘෂිකර්ම සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී අද(14) එළිදැක්විණ.
දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ 30ක් දක්වා ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා එහිදී පැවසිය.
කිරි ලීටර් 20 ඉක්මවා කිරි උත්පාදනය කරන ගොවිපලවල් 22,500ක්, කිරි ලීටර් 40 ඉක්මවූ ගොවිපලවල් 15,000ක්, කිරි ලීටර් 100 ඉක්මවා කිරි නිෂ්පාදන ගොවිපලවල් 1200ක් නිර්මාණය කිරීමට සැලසුම් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වෙනවිට කිරි නිශ්පාදනය ලීටර් ලක්ෂ 10ක ප්‍රමාණයක් බවත් එය සමස්ථ කිරි පරිභෝජනයෙන් සියයට 35ක් 40ක ප්‍රමාණයක් බවත් ඔහු පැවසීය.
මෙරට තුළ පවතින පශු වෛද්‍ය කොට්ඨාස 337ක සහයෝගය ලබා ගනිමින් කිරි නිෂ්පාදකයන්ගේ අගය වර්ධන කේන්ද්‍රස්ථානයක් ජුලි මස 20වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කරන බවද කරුණාරත්න මහතා සඳහන් කළේය.
කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සංකල්පයක් අනුව “කිරි ඉතිරෙන රටක්”පශු සම්පත් පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිපුරම ඉන්නේ රට බංකොලොත් කරපු තක්කඩින්ට රෙදි නැතිව ගොට්ට අල්ලන බත්කන අමු ගවයෝ, එහෙව් එකේ කොහොමද හලෝ රටට කිරි ඉතිරෙන්නේ? රෙද්ද පල්ලෙන් වෙන මොනවා හරි නම් ඉතිරේවි...
තාම මනස වෙනස් වෙල නැහැ මීඩියා කැම්පේන් එපා. සරලයි pls singapore
මම දන්නේ නැහැ. පැලවත්තෙන් ආපු කිරි පැකට් එකම ආනයනික නිෂ්පාදනයටත් සමානයි. ආනයනික කිරිපිටි වලටත් ඒ බද්දම තමයි, නැත්නම් පැලවත්තටත් එහෙමයි. වසන්තගේ තර්කය නම් ශ්‍රී ලංකාවේ ඊනියා සහල් වෙළෙන්දන් ආරක්ෂා කරන්න ආනයනික සහල් රුපියල් 60කින් වැඩි කළා කියන එකද? මේ අවුරුදු 5ක සැලැස්මත් එක්ක, තවමත් නිෂ්පාදනය එලෙසම පවතීවිද? තවත් බොරු ගිලින්න අපි කට ඇරගෙන ඉන්න ඕනෑද?
මේ ගමන්ම රිලව් ගනිනවා කියලා නාස්ති කරපු රටේ බදු මුදල් කෝටි ගණන ගැනත් යමක් කරන්න. රිලා පාලුවට විසඳුම් දුන්නා වගේම තියෙයි ද මේකත්?
අනුර මීටරෙන් කිච වීගෙන යන්නේ. ඔය මොනවා හරි ජල්තරයක් කරපල්ලා කොල්ලනේ.