IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතකයන්ගේ පෙත්සම විසිවේ

(මනෝප්‍රිය ගුණසේකර)

තමන්ට එරෙහිව පනවා ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙස හෝ එසේ නැති නම් තමන්ට සමාව දී නිදහස් කිරීමට ජනාධිපතිවරයා සලකා බැලිය යුතු බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින යුද හමුදා කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 5 දෙනකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ඒකමතිකව ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ, අචල වෙංගප්පුලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලණි.

මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින යුද හමුදා කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස්දෙනකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා , නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ චෝදනාවන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් 1998 වසරේදී තමන්ට මරණීය දණ්ඩනය නියම කළ බව පවසන පෙත්සම්කරුවෝ එම දඬුවම මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත් තමන් දීර්ඝ කාලයක් බන්ධනාගාරගත වී සිටින බවත් කියා සිටිති.

තමන්ට නියම කර ඇති මරණීය දඬුවම වසර 20 ක සිර දඬුවම්ක් බවට පරිවර්තනය කොට දඬුවම් නියම වූ 1998 වසරේ සිට එය ක්‍රියාත්මක විය යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ එසේ නොකරන්නේ නම් තමන්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා සලකා බැලිය යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.

 



අදහස් (10)

ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතකයන්ගේ පෙත්සම විසිවේ

C.K.Lankaputhra Tuesday, 03 June 2025 06:04 PM

මුන්ව ජීවිතාන්ය දක්වා හිරේ නොවෙයි එල්ලුම් ගහටම යවන්න ඕනෑ. මටතියන කනගාටුව එහෙම කරන්න බැරි කමයි. අපරාදෙ ඒ අහින්සක දැරිවියගෙ ජීවිතේ.

:       0       3

Asela Tuesday, 03 June 2025 06:42 PM

දෝෂ සහිත හෝ ප්‍රමාද වූ යුක්තිය. අපි ජීවත් වන්නේ ආසියාවේ සහ අප්‍රිකාවේ ය.

:       1       0

Rata Perata Wednesday, 04 June 2025 02:31 AM

මරණ දඬුවම ක්‍රියාත්මක කරලා දාන්න. එතකොට හරිනේ.

:       0       3

Nandalal DE SILVA - France Wednesday, 04 June 2025 03:39 AM

රට පුරා රාජපක්ෂ කෙනෙකුගේ නමක් නැති තැනක් තිබේද ?. මේ දූෂණයටත්, මිනී මැරුම්වලටත් එවැනි නමක් ගැවීලා... අනේ මන්දා , මෙහෙම ප්‍රසිද්ධ නමක් ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ

:       0       0

රත්නායාක Wednesday, 04 June 2025 05:26 AM

මේ වගේ උන් තමා කොටින් වර්දනයට උඩ ගෙඩි දුන්නේ.රණවිරුවන්ගේ ගරුත්වයට හානි කලේ.

:       0       1

Nimal 1 Wednesday, 04 June 2025 06:25 AM

මේ බිහිසුණු දුෂ්ටයන් ජීවිත කාලය පුරාම සිරගෙදර සිටිය යුතු අතර මේ ජීවිතයෙන් සමුගත් පසු ඔවුන් නිසැකවම නිරයේ ජීවත් විය යුතුය.

:       0       6

Bunny Preena Wednesday, 04 June 2025 09:05 AM

යහපත් කල් ක්‍රියාවෙන් ඉඳලා තිබුනානම් මෙහෙම හිර කූඩුවේ ලඟින්න වෙන්නේ නැහැනේ

:       0       7

maalaka Wednesday, 04 June 2025 09:38 AM

අපරාධකාරයින්ද දැන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ විදිහ කියන්නේ . නිකන් කාකා ඇතුළේ තියාගෙන හුරතල් කරන්නේ නැතිව . අඩුම තරමින් මේ අයට වැය කරන මහජන මුදල් පියවා ගන්න විදියක් බලන්න

:       1       8

රුවන් Wednesday, 04 June 2025 09:54 AM

ජාති, ආගම්, කුළ, වගේම වෘත්තීය අදාල නෑ අවුරුදු 120ක් ද ඉන්නේ එතකන් හිරේ ඉන්න ඕනේ. මොකද තමන් සිහිය තියෙන කොට නේ ඔය අපරාධය කරේ? අපේ සහොදරියක්, මවක්, යෙහළියකට වුවද මෙසේ අපරාධයක් වුනා නම් අපිත් කියන්නේ ජීවිතාන්තය දක්වා සිරගෙට දාන්න කියලා මොකද එකේ දුක් විදින එක හොද දඩුවමක් මරණ දඩුවමට වඩා. අවුරුදු 12-13 කෙනෙක් නෙවෙයි කරලා තියෙන්නේ අවුරුදු 18ට වැඩි යමක් කමක් තෙරෙන වයසේ පාපතරයෙක්.

:       0       11

Isuru Chathuranga Wednesday, 04 June 2025 11:44 AM

මරණිය දණ්ඩනය නොදී කොන්දේසි විරහිතව විදේශීය පිරිමි පිනවීමට මෙම පුද්ගලයන් යොදවා රටට ඩොලර් ගේන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31334 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13543 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site