IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කුරුවිට ලක්ෂ පහේ කොල්ලයේ තුනක් රිමාන්ඩ්

(අජිත්ලාල් ශාන්තඋදය)

මීට මාස දහහතරකට පෙරදී මැණික් ගලක් අලෙවි කිරිමට බව පවසා කුරුවිට ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුලුවී ගිනි අවි පෙන්වා නිවැසියන්ට පහර දී තුවාල සිදුකර, බියවද්දා රුපියල් ලක්ෂ විසිපහක මුදලක් කොල්ල කෑ අපරාධයේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් මේ මස 27දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත්  දුලානි සන්ධ්‍යා   මහත්මිය  අද (15) නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත්කෙරුණේ ඇහැලියගොඩ මාහර පංසල පාර ලිපිනයැති කේ.එල්. සමන්ත චන්ද්රසිරි, කුරුවිට, එක්නැළිගොඩ ලිපිනයැති එන්. රත්නසේන සහ බොරලැස්ගමුව,බෙල්ලන්විල, විහාරමාවත ලිපිනයැති,ඩබ්.ඩබ්. සිසිල් කරුණාරත්න යන අයයි.

අපරාධකරුවන් වෑන් රථයකින් 2023-11-22 දින අලුයම 05.00 පමණ පැමිණ මෙම අපරාධය සිදුකර තිබුණි. මාස දාහතරකට පමණ පසු මෙම සැකකරුවන් පසුගිය 12දින අත්ඩංගුවට ගෙන තිබුණි.

කුරුවිට පොලීසියෙ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එක් සැකකරුවෙක් අවිස්සාවේල්ල ප්රදේශයේදී පසුගිය 12දා මුලින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු සම්බන්ධයෙන් පැය 48ක රැදවුම් නියෝග ලබාගෙන ප්රශ්න කිරීමේ දී මෙම අපරාධයට හවුල් බවට තවත් සැකකරුවන් දෙදෙනෙක් මහරගම සහ කුරුවිට දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.  කුරුවිට දී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලියට නවාතැන් දුන් තැනැත්තා බව පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

ඇහැළියගොඩ, පඩුවස්නුවර සහ කුරුවිට ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවු සංවිධානාත්මක අපරාධ ගණනාවකට මෙම සැකකරුවන් සම්බන්ධ බවට සැකකරන බව පොලිසිය අධිකරණයට කරැණු දක්වමින් පැවසීය.



අදහස් (1)

කුරුවිට ලක්ෂ පහේ කොල්ලයේ තුනක් රිමාන්ඩ්

Laksman Sunday, 16 February 2025 06:52 AM

ඇහැළියගොඩ සමන්තා කිව්වොත් සතයකට විශ්වාස කරන්න එපා. ඊළඟට චන්දරේලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 841 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2482 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site