
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාව තුළ ප්‍රථමවරට කොරියානු පොප් සංගීත ප්‍රසංගයක් ( Korean Pop Music ) පැවැත්වීම සඳහා දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය " Seet - ch " සංගීත කණ්ඩායම 02/04 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ.
දස දෙනෙකුගෙන් යුතු මෙම දකුණු කොරියානු සංගීත කණ්ඩායම , එළඹෙන 02/07 දින කොළඹ ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන කොරියානු සංස්කෘතික ප්‍රදර්ශන සහ සැණකෙළියේ දී සිය ප්‍රසංගය ඉදිරිපත් කිරීමට නියමිත ය.
ඔවුන් 02/04 දින පස්වරු 04.50 ට දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 471 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
International airport ඵකක welcome කරන්න කොට සාරි ඇඳලා ඉන්න ඵපා.ලස්සනට පිලිවෙලට ජාත්‍යන්තරට යන ඵන අය ඉන්න තැනක්.එක්කො ෆොටෝ වලට නොගිහින් ඉන්න.අර ගොබ්බ හරිනිත් ශ්‍රී ලංකා අගමැතිනි බව අමතක කරලා කලිසම් කොට ඇඳගෙන උද්දච්ච කම පෙන්නගෙන යනවා.