(අංජුල මහික වීරරත්න)
සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනාධිපතිවරයා විසින් 2024 දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉන්දීය රජයේ ප්‍රදානයක් ලබා ගැනීම පිණිස අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.
එම අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික උපදේශන සේවාව සපයා ගැනීමේ වගකීම සහ එම ප්‍රදානයට අදාල භාණ්ඩ හා උපකරණ බදු වලින් නිදහස් කිරීමේ වගකීම ශ්‍රී ලංකා රජය වෙත පැවරී ඇත.
ඒ අනුව එම ව්‍යාපෘතියේ උපදේශක වශයෙන් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සේවය ලබා ගැනීමටත් ශ්‍රී ලංකා රජය විසින් දැරිය යුතු වියදම සඳහා රුපියල් මිලියන 40 ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ගැනීමටත් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කරෙයිනගර් ජැටිය ඉන්දු-ලංකා සහයෝගයෙන් හැදෙයි