IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කරමාන්ත පුර දෙකකට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

ඉංගිරිය කර්මාන්තපුරය ස්ථාපිත කිරීම සහ රයිගම මිල්ලනිය කර්මාන්ත පුරයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දිවයින පුරා මේ වන විට කර්මාන්තපුර 33 ක් ක්‍රියාත්මක වන අතර ඒ අතුරින් කර්මාන්තපුර 8 ක් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වෙමින් පවතී.

සෙසු පළාත් වලට සාපේක්ෂව බස්නාහිර පළාතේ පවත්නා සංවර්ධිත භෞතික යටිතල පහසුකම් හා මානව සම්පත් ඉලක්ක කර ගනිමින්, දේශීය හා විදේශීය කර්මාන්ත කරුවන් විසින් එම පළාතේ කර්මාන්ත ස්ථානගත කිරීම සඳහා ඉඩම් ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීම් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතී.

එම කරුණු සැලකිල්ලට ගනිමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

* රථවාහන හා ඊට අදාළ අමතර කොටස් නිෂ්පාදන කර්මාන්ත, රබර් හා රබර් ආශ්‍රිත කර්මාන්ත, ඖෂධ නිෂ්පාදන කර්මාන්ත හා මිශ්‍ර කර්මාන්ත ලෙස කර්මාන්ත කලාපයන් සහිතව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජයට අයත් ' සෙන්ට් පීටර්ස් වත්ත ' ඉඩමෙන් වෙන් කර ගනු ලබන අක්කර 350ක භූමි භාගයක රුපියල් මිලියන 2,500ක ආයෝජනයක් සහිතව අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් නව කර්මාන්ත පුරයක් ස්ථාපිත කිරීම.

* රුපියල් මිලියන 500ක ආයෝජනයක් සහිතව රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධි කලාපය පිහිටුවීම සඳහා ' නිව් වැටල්වත්ත ' ඉඩමෙන් වෙන් කරන ලද අක්කර 200ක භූමිභාගයෙන් අක්කර 24 ක රයිගම මිල්ලනිය කර්මාන්ත පුරයේ දෙවන අදියරෙහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීම.

 



අදහස් (1)

කරමාන්ත පුර දෙකකට කැබිනට් අනුමැතිය

Bandara Tuesday, 03 June 2025 07:07 PM

රනිල් කරපුවා දැන් මෙයාලගේ වගේ කරේ තියාගෙන යනව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site