
(අංජුල මහික වීරරත්න)
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ක්ෂේත්‍ර වල හඳුනාගනු ලැබ ඇති ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ලංකා සළුසල ලිමිටඩ්, ලංකා පිඟන් සංස්ථාව සහ අපනයන සංවර්ධන මණ්ඩලය සතුව පවතින කාර්ය මණ්ඩලය, ස්වභාවික සම්පත්, යන්ත්‍ර සූත්‍ර හා අනෙකුත් භෞතික සම්පත් යොදා ගනිමින් එම ආයතන/අංශ පවත්නා තත්ත්වයෙන් ඉහළට ඔසවා තැබීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා අනෙකුත් තීරණ අදාළ ආයතන/අංශ සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත් වීම මත ක්‍රියාවට නංවනු ලබයි.
ඒ අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ආංශික සංවර්ධන වැඩසටහන යටතේ 2025 වර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන වලින් රුපියල් මිලියන 100 ක් පහත සඳහන් ව්‍යාපෘති සඳහා වෙන් කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිධාන කරනු ලබන Reality Show වැඩසටහන සඳහා.
* ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් සංවිධාන කරනු ලබන Industry Export ප්‍රදර්ශනය සඳහා.
* දේශීය රෙදිපිළි නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය සහන මිලට ලබා දීම සඳහා චක්‍රීය අරමුදලක් ඇති කිරීමේ ලංකා සළුසල ලිමිටඩ් නියමු ව්‍යාපෘතිය සඳහා.
* ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලයට කාරක ප්‍රාග්ධනය සැපයීම සඳහා.
* කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබන පරීක්ෂණ අංගනයට (Security Checkpoint at Cargo Village) Advanced Scanner Technology හඳුන්වා දීම පිණිස Scanner යන්ත්‍ර මිලදී ගැනීම සඳහා.
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කර්මාන්ත ඉහලට ඔසවන්න මිලියන 100 ක්
ගුණරත්න Thursday, 12 June 2025 10:34 AM
මිලියන සීයක් කියන්නේ මේ කාලේ සුළු මුදලක්, වාහන 10ක මිල! ඉතින් මේක මුළු රටේම කර්මාන්ත සංවර්ධනය කරන්න කියල වෙන්කළ එකා මොලේ පරීක්ෂා කරගත්තොත් හොඳයි. මේ මුදල මධ්‍ය පරිමාන කර්මාන්තයක් පටන්ගන්නවත් මදි!