
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර ව්තානච්චි මහතා වෙඩිතබා ඝාතනය කළ වෙඩිකරුගේ පුතුන් දෙදෙනා පොලිස් නිල ඇඳුම් සමග අත්අඩංගුවට ගත් බව ගෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමාර මහතා පැවසීය
එම සැකකරුවන් දෙදෙනා සමග පොලිස් නිලධාරීන් භාවිතා කරනු ලබන අංක දෙකේ නිල ඇඳුමේ උඩුකය නිල ඇඳුම් හතරක් පොලිස් භාරයට ගෙන ඇත
ගෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් සහ මහජන සාමය කළමනා කරන කොට්ඨාසයේ නිලධාරීන් ඒකාබද්ධව කැලණිතිස්ස විදුලි බලාගාරය අසල විශේෂ මාර්ග බාධකයේදී සැකකටයුතු මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේදී මෙම පොලිස් නිල ඇඳුමේ උඩුකය කොටස් හතර හමු වූ බව පොලිසිය සඳහන් කරයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්නන කිරීමේදී විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ලබාදුන් දුරකථන ඇමතුමක් අනුව මෙම පොලිස් නිල ඇඳුම් උඩුකය කොටස් මට්ටක්කුලිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලක් අසලට පික්මි මෝටර් රථයක් යොදාගෙන රැගෙන යන බවට අනාවරණය වූ බව පොලිසිය කියයි
එම සැකකරුවන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම පොලිස් නිල ඇඳුමේ උඩුකයේ කොටස මත්තෙගොඩ පොලිසියේ අත්හැර දමන ලද බැරක්කයක තිබී ගත් බවට අනාවරණය කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
මෙම නිල ඇඳුම් උඩුකය කොටස් මට්ටක්කුලිය සුපිරි වෙළඳසැල අසලට රැගෙන යාම වෙනුවෙන් සිතට සතුට දනවන මුදලක් තමන් වෙත ලබාදෙන බවට විදේශ ගතව සිටින පුද්ගලයා දුරකථනය හරහා පැවසූ බවද සැකකරුවන් වැඩිදුරටත් පවසා ඇත
2025 ඔක්තෝබර් මස 08
1919
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කරන්දෙණිය පී.එච්.අයි ඝාතකයාගේ දරුවන් පොලිස් ඇදුම් සමග මාට්ටු
ජිල්බු Sunday, 14 September 2025 11:48 PM
"සිතට සතුට දනවන මුදලක්?" මොන පුහුලක්ද ඒ! ලොතරැයියකටනම් නියම නම.
maalaka Monday, 15 September 2025 06:28 AM
අපරාධයත් දැන් පරම්පරාගත රැකියාවක්ද ?