IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ක්‍රිකට් සුද්දාට වෙඩි තිබ්බ හිටපු සෙබළා මාට්ටු

(බී. ජී. චතුරංග)

මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී ඉකුත් 25 වැනිදා රාත්‍රි පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල කර මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කළැයි කියන සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර සාන්ත යෙනියා මාවතේ පදිංචිකරුවකු වන හිටපු යුද හමුදා ෙසබෙළකි.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ, ගල්කුලම සියඹලාගස්වැව ප්‍රදේශයේ " ක්‍රිකට් සුද්දා" නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.

ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'තම්මිට සුමිත් ' නැමැත්තා මෙම කුලී වෙඩික්කරු යොදා ගෙන තුවාලකරු ඝාතනය කිරීම සැලසුම් කර වෙඩි තැබීම කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ තැනැත්තා තම්මිට සුද්දා නමැති අයගේ හෙරොයින් මත්ද්‍රව්‍ය ඊෂි කෑෂ් ක්‍රමයට ස්ථානගත කර ඇති අයකු වන අතර මීට දින කීපයකට පෙර හෙරොයින් ග්‍රෑම් 600 ක් සමග පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම වෙඩි තැබීම කර ඇති බවට සැක කරන බවද පොලිසි සදහන් කළේය.

 



අදහස් (0)

ක්‍රිකට් සුද්දාට වෙඩි තිබ්බ හිටපු සෙබළා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 770 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site