IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කම්හල්කරුවන්ගෙන් රජයට කෝටි 20ක බදු පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

කර්මාන්ත දහතුනකට අදාළ කර්මාන්ත කර්මාන්තකරුවන් එකසිය හත් දෙනෙකු  පසුගිය වසරේදී රුපියල් කෝටි විස්සකට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර සූරියවැව  අක්කර විස්සක ඉඩමක කර්මාන්ත පුරයක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වැය කිරීම නාස්ති වී ඇතැයිද  එම වාර්තාවේ දැක්වේ.

හම්බන්තොට බට අත කර්මාන්ත පුරයේ අක්කර 60 කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පවතින බව පවසන වාර්තාව දිවයින පුරා කර්මාන්ත පුර 17 කට අදාල ඉඩම් අක්කර 109 කට වැඩි ප්‍රමාණයක් කර්මාන්තකරුවන්ට වෙන් නොකිරීම හේතුවෙන් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පැවතුණ බවද  සඳහන් කරයි.

බුත්තල කර්මාන්ත පුරයේ ඉඩම් කට්ටි කට්ටිය 43 ක් වෙන් කර තිබුණද ඉඩම් කට්ටි 38 ක් පමණක්  කර්මාන්තකරුවන් විසිදෙනකුට ලබාදී තිබූ බවත් ඉන් නිෂ්පාදන කටයුතු කරන්නේ කර්මාන්තකරුවන් පස්දෙනකු පමණක් බවත්  වාර්තාවේ දැක්වේ.

 



අදහස් (0)

කම්හල්කරුවන්ගෙන් රජයට කෝටි 20ක බදු පොල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 139 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site