IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝප් එකෙන් දූෂිතයන්ට නඩු

(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.

මෙහි පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉතිහාසයේ පළමු වතාවට වෙන වෙනම ලිපිගොනු සකස් කිරීමට පියවර ගන්නා බව සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේය.

නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පහසු කෙරෙන ආකාරයට සියලුම සාක්ෂි ඇතුළත්ව එම ලිපිගොනු සකස් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ හෙතෙම එලෙස ලිපි ගොනු සකස් කිරීමට ඉදිරියේදී නීති නිලධාරියකු පත් කර ගන්නා බවද ප්‍රකාශ කළේය.

කෝප් කමිටු මෙයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ සියලු ආයතන සම්බන්ධයෙන් වූ පොදු වාර්තාවක් පමණක් බවත් පෙර කමිටු රාජ්‍ය ආයතන වල දූෂණ වංචා සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවත් කෝප් කමිටු සභාපතිවරයා පැවසීය.

Reply Forward Add reaction



අදහස් (9)

කෝප් එකෙන් දූෂිතයන්ට නඩු

පිටරටවැසියා Saturday, 26 April 2025 10:46 AM

වංචාවට, දූෂණයට එරෙහිව ගත්තා වූ අති විශිෂ්ඨ ඉදිරි පියවරක්...

:       2       29

fairoos Saturday, 26 April 2025 11:33 AM

කිය කිය ඉන්නේ නැතිව ඉක්මණට කරලා පෙන්නන්න.

:       14       16

බකල ජයාSaturday, 26 April 2025 04:00 PM

ඔයාටත් හදිස්සි වෙලාවටම කවුරුහරි ටොයිලට් එකේද?

:       0       10

Rata Perata Saturday, 26 April 2025 12:52 PM

ඉතා අත්‍යාවශ්‍ය, කාලෝචිත වැඩක්. ඉක්මණින්ම ක්‍රියාත්මක කරන්න.

:       0       32

CK.Lankaputhra Saturday, 26 April 2025 12:55 PM

දැට්ස් ග්‍රේට්.... නියමයි වැඩ. ඉස්සර කෝප් කමිටු තිබුනේ පාර්ලිමේන්තුවේ කට්ටියකට ගතමනාවක් හොයාගන්නට විතරයි. හොරු රකින්න විතරයි.

:       1       29

සචිත් Saturday, 26 April 2025 03:22 PM

සමහරක්ට මේ අන්ඩුව එපා වෙන්නම හේතු..

:       2       18

රනේ Saturday, 26 April 2025 07:00 PM

අපි දීපු ඡන්දය ගැන සතුටුයි...

:       0       7

කන්කුණා Saturday, 26 April 2025 07:19 PM

ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන හදලාද? කලින් කියැවුනේ විමර්ශණය කළාට ඊට එරෙහිව පියවර ගැනීමට COPE එකට බලය නෑ කියලා. (Audits ලාට වගේ)

:       1       5

රානා Sunday, 27 April 2025 12:02 PM

රජයේ සේවකයින්ට වැඩ කළ හැක්කේ කෙසේද? තීරණය වැරැදි නම් ඔහුට අධිකරණයට යාමට සිදුවේ. මිනිසුන් කිසිදු තීරණයක් ගන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site