IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි

කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.

කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මේ වනවිට කැනඩාවේ බලයේ සිටින්නේ ලිබරල් පක්ෂයයි. ලිබරල් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකින් පසු  මාක් කාර්නි පක්ෂ නායකයා ලෙස තෝරා ගැනුණි.

කැනඩා අග්‍රාමාත්‍යවරයා ලෙස වසර 9 ක් එම ධුරය හෙබවූයේත් පක්ෂයට නායකත්වය දුන්නේත් ජස්ටින් ටෲඩෝය. පක්ෂ සාමාජිකයන්ගේ අප්‍රසාදයට පත්වීමෙන් අනතුරුව, ටෲඩෝ ට පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද අහිමි විය.

පක්ෂ නායකත්වයට සුදුස්සකු තෝරා ගැනීම සිදුවූයේ ඒ අනුවය. කාර්නි කැනඩා පුරවැසිභාවයත්, බ්‍රිතාන්‍ය පුරවැසිභාවයත් ඇති අයෙකි. මොහු බ්‍රිතාන්‍ය මහ බැංකු අධිපති ලෙසත්, කැනඩා මහ බැංකු අධිපති ලෙසත් කටයුතු කර තිබේ.

කැනඩා මහ මැතිවරණය ලබන ඔක්තෝබර් 20 වැනිදා පැවැත්වෙයි. ඊට ලිබරල් පක්ෂය මෙහෙයවීම මාක් කාර්නිට පැවරෙනු ඇත. ඊට අමතරව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට ද කාර්නිට සිදුවෙයි.

(බීබීසී)



අදහස් (2)

කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි

රුවන් Monday, 10 March 2025 05:56 AM

සෙවනැලි ආණ්ඩුවට අනුව තමයි ලෝකය පාලනය වන්නේ

:       2       3

de silva berlin Monday, 10 March 2025 10:36 PM

සෙවනැලි හොල්මන් කරන්නේ රුවන්ගේ මොලේ, ලෝකේ දියුණු ප්‍රජාතාන්ත්‍රික රටක හැමදාම එක නායකයෙක් හෝ පවුලක් රට පාලනය කරන්නේ නැහැ, අලුත් නායකයෝ එනවා යනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2015 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 633 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 712 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site