
(තිස්ස කොටින්කඩුව)
කදාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ තැන්පත් කර තිබු වසර 175 වඩා පැරණි ශුද්ධ වූ සෙබස්තියෙන් මුනිදුන්ගේ පෙරහර ප්‍රතිමාව අද ( 01) අලුයම කාලයේ කිසිවකු හෝ කිසියම් පිරිසක් සොරකම් කර ගෙන ගොස් ඇති බව කදාන පොලිසිය පවසයි.
දහස් ගණනක බැතිමතුන්ගේ මහත් භක්තියාදර ගෞවරවයට පාත්‍රව තිබු මෙම ප්‍රතිමාව කදාන සාන්ත සෙබස්තියන් පල්ලියේ එක් කොටසක පිහිටි තාරපල්ලිය කොටසේ තැන්පත් කර තිබුණි.
කදාන පොලිසිය මේ වන විට පල්ලියේ සහ අවට මාර්ගයේ සවිකොට ඇති CCTV කැමරා දර්ශන ඔස්සේ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව වෙස් මුහුණකින් මුහුණු ආවරණය තරගත් පුද්ගලයකු අද අලුයම් කාලයේ පල්ලියේ ආරක්ෂිත බැම්මෙන් පැන දේවස්ථාන භුමියට ඇතුළත් වන අයුරු පොලිසිය නිරීක්ෂණය කර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියො දනී මක් උනාද කියල. අහල බලන්න.
සමහරවිට මුනිදු තුමා කැමැත්තෙන් ගියා වෙන්න බැරි ද ?
ඡන්දෙ ලඟයි.. ලොකු ප්ලෑනක පොඩි කොටසක් වෙන්න පුලුවන්...
යකෝ, ඇතුළේම ඉදලා ඇතිවෙලා ඇති! පොඩි වටයක් දාලා දවස් දෙක තුනකින් මුනිදානෝ නැවත හිටපු තැනටම සැපත් වෙයි . අනේ කරනවා තමයි, මිනිස්සුන්ගේ ප්‍රශ්න උදේ හවස පල්ලියට ගොස් මුනිදානෝට පවසනවා. මුනිදානෝ missing උනාම, පල්ලියේ කට්ටිය පොලිසි යනවා, CCTV කැමරා බලනවා. Full confuse බන්!"
මේ කාලකන්නි ආණ්ඩුව ආවා විතරයි රටට සාපයක් වැදුනා.
ගත්තු කෙනාට, අර මොරටුවේ කුරුස හන්දියේ කුරුසේ අයින් කරපු අයට ලැබුණ දඬුවම් හා සමාන දඬුවමක් ලැබේවි
සියල්ල සිදුවන්නේ සර්ව බලධාරී දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව" කියලා හිත හදා ගන්න තියෙන්නේ.